hit counter

2025 ඔක්‍තෝබර් මස 26 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 11, ප.ව. 2:51



තමන් ඇතුළු කණ්ඩායමට නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට හේමකුමාර නානායක්කාර විසින් ඔහුගේ දේශපාලන පක්ෂය දන්දුන් බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පැවැසුවා.

ඔහු මේ බව සඳහන් කළේ මව්බිම ජනතා පක්ෂයේ නව දේශපාලන කාර්යාලය අද පෙරවරුවේ බොරැල්ලේදී විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින්.

සිංහල බෞද්ධ සභ්‍යත්වය ආරක්ෂා කරගනිමින් සිය දේශපාලන මාවත සකස්කර ගැනීමට අපේක්ෂා කරන බවද දිලිත් ජයවීර එහිදී සඳහන් කළා.

ශ්‍රී ලාංකික දේශපාලනඥයන්ට නව දිශානතියක් ලබාදීම තම දේශපාලන පක්ෂයේ අරමුණ බවද මව්බිම ජනතා පක්ෂයේ නායකයා පෙන්වා දුන්නා.

එසේම කාලාපීය රටවල් සමග සහයෝගයෙන් සිය දේශපාලන ගමන සිදුකරන බවද හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: