hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 6:43



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලොකු වෙනසක් කිරීමට එම පක්ෂය තීන්දු කර තිබෙනවා.

ඒ එම පක්ෂ‍යේ ප්‍රධාන තනතුරක් සඳහා රාජපක්ෂවරයෙකු නොවන අයෙකු පත් කර ගැනීම සඳහායි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයට දැනට පාර්ලිමේන්තුවේ තනතුරු නොදරන බාහිර විද්වතකු පත් කිරීමට එම පක්ෂය තීන්දු තර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

මෙතෙක් එම පක්ෂයේ සභාපති ධුරය දැරූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වෙමින් නිදහස් ජාතික සභාව කණ්ඩායම නියෝජනය කරනවා.

එම නිසා මහාචාර්ය පීරිස් වෙනුවට සුදුස්සකු තෝරාගැනීම සඳහා පොදුජන පෙරමුණ විධායක සභාව ඉදිරි සතියේදී රැස්වනු ඇති.

එහිදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සභාපති ධුරයෙන් ඉවත් කොට නව සභාපතිවරයකු පත් කරගනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: