hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 12, පෙ.ව. 1:48



ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස සභාවේ මත ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වනවා.

ඒ ඉදිරි මැතිවරණවලදී තමන් සන්ධානගත වන්නේ කවර කණ්ඩායමක් සමඟ ද යන්නයි.

එක් මන්ත්‍රී කණ්ඩායමක් ඩලස් පිල ඉදිරි මැතිවරණයකදී සන්ධානගත විය යුත්තේ සමගි ජන බලවේගය සමඟ බව දැනුම් දී තිබෙනවා. මෙම කණ්ඩායමට ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු මන්ත්‍රී පිරිසක් සහාය දෙන බවයි වාර්තා වන්නේ.

ඩලස් පිල විමල්, උදය කණ්ඩායම උත්තර ලංකා සභාගය සමඟ සන්ධාන ගතවිය යුතු බව මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු මන්ත්‍රී පිරිසක් සඳහන් කරන බව වාර්තා වනවා.

මේ නිසා ඩලස් පිල ඉදිරියේදී සන්ධානගත වන්නේ කවර පක්ෂයක් සමඟ ද යන්න ගැන අවසන් තීරණයක් ගැනීම පමාවෙමින් පවතින බව ආරංචි මාර්ග පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: