hit counter

2024 මැයි මස 08 වන බදාදා

2022 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:09



අරගලය පිටුපස ස්ථීර වශයෙන්ම කණ්ඩායම් තුන් වර්ගයක් සිටි බවත් ඉන් තුන් වන පාර්ශවය පිළිබඳ දැන්ම හෙළි නොකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවා.

ඒ ඒෂියන් මිරර් සංවාදය වැඩසටහනට එක්වෙමින්.

එම තුන්වන පාර්ශවය පිළිබද තමන් ලඟ සාක්ෂි නොමැති බවත් ස්ථීර වශයෙන් පාර්ශව දෙකක් අරගලය පිටුපස සිටි බවත් ඉන් එක් පාර්ශවයන් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඒ අරගලයේ කුසලානය ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවත් මන්ත්‍රීවරයා හෙළිදරව් කළා.

අරගලයේ සිටි නිර්පාක්ෂික දූලා පුතාල නොදැනුවත්වම සහ සමහර දෙනා දැනුවත්වම රනිල් වික්‍රමසිංහ අරගලය පිටුපස සිටි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පවුල ඇතුළේ එක් අයෙකු හෝ දෙදෙනෙකු ගෝඨාභය රාජපක්ෂ නොදැනුවත්වම අරගලය පිටුපස සිටි බවත් පුද්ගලිකවම රාජපක්ෂ පවුලේ අයෙකු ඊලඟ රටේ නායකත්වය ලබා ගැනීමේ අරමුණින් එය සිදු කළ බවත් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: