hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 23, පෙ.ව. 2:28



ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයෙන් සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගන්නවද නැද්ද යන කාරණාව තමා නොදන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා.

මේවන විට දේශපාලනික පක්ෂයකට සම්බන්ධ නොවී නිර්පාක්ෂිකව සිටීමට තමා කැමැත්තෙන් පසුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෑත කාලීනව පක්ෂය ගනු ලැබූ බොහොමයක් තීරණවල අඩුපාඩු තිබෙන බවත් විවිධ තීන්දු අද ගන්නා බවත් නැවතත් ආයෙ එම තීන්දුවම හෙට වෙනස් කරන බැවින් එක තීරණයක්, එක මතයක් පක්ෂය තුළ ක්‍රියාත්මක කළ නොහැකි බවත් ඔහු සඳහන් කළා.

ඒ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා එතැනින් ඉවත් වීමට තීරණය කළ බවද මුස්තාෆා මහතා ප්‍රකාශ කළා.

“මම මේ වගේ තීරණයක් ගන්න හේතුව මගේ ඉල්ලා අස්වීමේ ලිපියේ පැහැදිලිව සඳහන් කරල තියෙනවා. මම හිතන්නේ මම පක්ෂවල ඉඳලා තියෙනවා. දේශපාලන පක්ෂවල තීන්දු තීරණ ගන්න සෑම අවස්ථාවකම පක්ෂයක ඉන්න නිසා ඒ තීන්දු තීරණම ගන්න ඕනේ කියන මානසිකත්වයෙන් තමයි දේශපාලනය කළේ. මම හිතන්නේ අද වෙන කොට කාලීනයි හෘද සාක්ෂිය අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය. එනිසා මගේ හෘද සාක්ෂියට අනුව මම හිතුවා ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයෙන් අෑත් වෙලා නිර්පාක්ෂිකව සිටීම සුදුසුයි කියලා මේ අවස්ථාවේ. මම හිතන්නේ පක්ෂයක් වටේ දේශපාලනය කරනවාට වඩා අද මිනිස්සුන්ට අවශ්‍ය වන්නේ තමන්ගේ හෘද සාක්ෂි අනුව වැඩ කරන, සෘජු තීරණ ගන්න පුද්ගලයන්. කාලීනව මම තීරණය කළා මම පක්ෂයෙන් අයින් වෙනවා කියලා. “ යැයි ෆයිසර් මුස්තාෆා මහතා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: