hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:29



සමගි ජන බලවේගය තමන් විශ්වාස කරන දේශපාලන ධාරාවේ ගමන් නොකරන බවත් යල්පැනගිය ජනතාව ප්‍රතික්ෂේප කළ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමයක ගමන් කරන බවද සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සදහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනස් වීමට අකමැති සාම්ප්‍රදායික දේශපාලකයෙක් බවත් රටට වෙනස් යමක් ඔහුගෙන් බලාපොරොත්තු විය නොහැකි බවද මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සදහන් කරයි.

තම පක්ෂය තුළ සිටින ඇතැම් පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂය ගමන් කරන වැරදි මාර්ගය පිළිබඳව දැන දැනත් අදහස් ප්‍රකාශ කිරීමට නොහැකිව බියෙන් පසුවන බවද මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සදහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන් නම් කරන්නේ නම් තම පක්ෂයත් රටත් ජයග්‍රහණය කර පෙන්වීමට තමා සූදානම් බවත් පවතින දේශපාලන ක්‍රම පෙරලා තමන් ආඥාදායක පාලකයකු වීමට සූදානම් බවද අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: