hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 01, ප.ව. 2:39



ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් වීමට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා සහ සරත් වීරසේකර තරග කරනු ඇති.

සරත් ෆොන්සේකා මහතා දූෂණය පිටුදැකීමේ තේමාවෙන් කුඩා පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බවයි මෙරට පළ වන ජාතික පුවත්පතක දැක්වෙන්නේ.

ඒ සඳහා ඔහු දැනටමත් ප්‍රාදේශීය මට්ටමින් ජනහමු අමතමින් සිටින බව සඳහන්.

එහෙත් ඔහු මෙතෙක් තමන් දරණ සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් ඉවත් වී නැහැ.

ජාතික බලවේග පදනම් වූ සංවිධානයක් හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සරත් වීරසේකර මහතා කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

හිටපු පළාත් ආණ්ඩුකාරවරියන් සහ හිටපු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ ප්‍රධානීන් ගණනාවක් වීරසේකර මහතාගේ දේශපාලන ව්‍යාපෘතියේදී ඔහුට සහය පළ කරන බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

අමාත්‍ය රොෂාන් රණසිංහද ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන දැන් ප්‍රාදේශීය වශයෙන් ජනතාව දැනුවත් කරමින් සිටින බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: