hit counter

2024 මැයි මස 11 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 10, පෙ.ව. 10:47



රාජ්‍ය පාලනයේ වගේම පාක්ෂිකයින්ට සැලකීමේ අඩුපාඩුවක් සිදු වූ බව ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

පොහොර ප්‍රශ්නයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වැරැද්ද පිළිගත් බවත් යළිත් එම වැරැද්ද වෙන්න ඉඩ නොතබන බවත් ඇමතිවරිය කියා සිටියා.

බදුල්ල ප්‍රදේශයේ දී පැවැති ජන හමුවකදී ඇමතිවරිය මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද එම ජන හමුවේදී එහි පැමිණ සිටි අයෙකු ඇමතිවරියගේ කතාව අතරතුරදී ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉල්ලා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා වුවත් ලැබුනේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවයි.

“ඒක අපි පස්සේ කතා කරමු” යැයි ඇමතිවරිය එහිදී සඳහන් කළා.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇමතිනිය කියා සිටියේ ඒ පිළිබඳව කතා කළ නොහැකි බවත් තමන්ට කතා කිරීමට අවස්ථාව දෙන ලෙසත්ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: