2026 මැයි 12, පෙ.ව. 12:10
ජීවිතේ කිසිදා එකට වාඩිවී දේශපාලනය නොකළ පිරිස් පවා මේ වන විට එකම කඳවුරකට එක්වී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ “හොරුත් බොරුත් එක මිටකට පරදවමු” යන මැයෙන් පැවති රැස්වීමකට එක්වෙමිනි.
එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ඉස්සර එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තිබූ දේශපාලන භේදය දැඩි වූ බවත්, නයයි මුගටියයි වගේ තත්ත්වයක් තිබූ බවත්ය.
“දැන් බලන්න රාජිත සේනාරත්න ඇමතිතුමයි, නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමයි එකට කතා කර කර ඉන්නවා. සාගල රත්නායක ඇමතිතුමාත් මේ පැත්තේ ඉන්නවා. අපි ඔක්කොම එක කඳවුරක හිටියේ”
යනුවෙන් ඔහු පැවසීය.
තවද, තමන් අතර පක්ෂභේද මත වෛරයක් නොතිබූ බවද සඳහන් කළ මන්ත්‍රීවරයා, එක කඳවුරක සිට වත්මන් මර්දනකාරී ආණ්ඩුවට මුහුණ දිය යුතු ආකාරය ගැන සිතා බැලිය යුතු බවද අවධාරණය කළේය.
2026 මැයි 12, පෙ.ව. 12:30
2026 මැයි 12, පෙ.ව. 12:20
2026 මැයි 12, පෙ.ව. 12:19
2026 මැයි 12, පෙ.ව. 12:16
2026 මැයි 12, පෙ.ව. 12:15
12-05-26
12-05-26
12-05-26
12-05-26
11-05-26
11-05-26
11-05-26
11-05-26
11-05-26
11-05-26
11-05-26
11-05-26
10-05-26
10-05-26
10-05-26
10-05-26
09-05-26
09-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
07-05-26
07-05-26