hit counter

2026 මැයි මස 13 වන බදාදා

2026 මැයි 13, ප.ව. 7:13



ජනාධිපතිවරයා කියනවා නීතියට උඩින් කවුරුත් නෑ කියල ඔව් ජනාධිපතිතුමා නීතියට උඩින් කවුරුත් නෑ. එහෙනම් බාල ගල්අඟුරු ගෙනාපු අයවත් ප්‍රශ්න කරන්න.මුදල් අමාත්‍යංශයේ මිලියන 800ක් වැරදි ගිණුමකට දාපු අය ප්‍රශ්න කරන්න.බොරු සාක්ෂි දෙන්න කියලා සියදිවි හානිකරගන්න තත්වයට සැකකරුවන්ව පත් කරන අයගෙන් ප්‍රශ්න කරන්න.ජනාධිපතිතුමනි ලෝකයේ වැඩියෙන්ම ගෙවලා තෙල් මිලදී ගත්ත අයවත් ප්‍රශ්න කරන්න යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ 2026.05.12 දින කැස්බෑවේදී ජනහමුවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා

“මම ප්‍රථමයෙන් ඔබට ස්තූතිවන්ත වෙනවා කාර්යබහුල වෙලාවක පක්ෂක් විදියට අද අපි ගොඩනැගිනිමින් එන වෙලාවක කැස්බෑව ආසනයේ ඔබේ කොට්ඨාශය නියෝජනය කරමින් මේ රැස්වීමත් එක්ක සහභාගිවීමට හැකි වීම පිළිබඳව. අද පහුගිය මැතිවරණ වලින් ඈත් වෙච්ච බොහෝ පිරිසක් අද එකතු වෙලා ඉන්නවා.ඉතින් ඔබතුමන්ලාට ස්තුතිවන්ත වන අතර ඔබව ආදරයෙන් අපි පිළිගන්නවා.මේ ආසනයට එනකොට අපිට ගාමිණී ලොකුගේ ඇමතිතුමාව අමතක කරන්න බෑ.එතුමා හරි දේ කරපු නායකයෙක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට වගේම මටත් විශාල හයියක් වෙච්ච නායකයෙක්.එතුමා නිරන්තරයෙන් අපිත් එක්ක අපේ ප්‍රතිපත්තියත් එක්ක දේශපාලනය කරපු නායකයෙක් විදියට එතුමාවත් මතක් කරන්න ඕනේ.ඒ වගේම තමයි අද අපි පක්ෂයක් විදියට අලුත් වෙලා තියෙනවා.අපි නවීකරණය වෙලා තියෙනවා අපි නව යුගයක් කරා අපේ පක්ෂය වගේම රටත් අරගෙන යන්න ඕනේ.නූතනත්වයට ගැළපෙන විදියට නව යුගයට ගැලපෙන තැනට අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරිවර්තනය වෙලා තියෙනවා.මොකද අපි විශ්වාස කරනවා අපේ රට නව යුගයකයකට අරගෙන යන්න.ඉතිහාසයෙන් අපි පාඩම් ඉගෙන ගෙන අපේකම සංස්කෘතිය ආරක්‍ෂා කරගනිමින් මීට වඩා අලුත් මාවතකට යන්න ඕන.දේශපාලන වේදිකාවේ විවේචනත්වය පළිගැනීම වෛරය ඉරිසියාව වෙනුවට ප්‍රතිපත්තිත් එක්ක අපි රට පාලනය කරන්න ඕනේ.අද ආණ්ඩුව බලයට ආවේ අසීමිත බොරු කියලා.මොකද ලංකා ඉතිහාසයේ මේ තරම් බොරු කියපු ආණ්ඩුවක් වාර්තා වෙලා නෑ.අසීමිත බොරු කිව්වා. ප්‍රතිපත්ති ප්‍රකාශය දිහා බැලුවොත් මේ අය කියයි දැන් කියන්නේ බොරුවක්ද නැත්නම් ප්‍රතිපත්ති ප්‍රකාශය තියෙන්නේ බොරුවක්ද කියලා හිතා ගන්න බෑ.ආණ්ඩුව දීපු පොරොන්දු කිසිවක් ඉෂ්ඨ කරන්නේ නැහැ.

එක පැත්තකින් අසීමිත බර බදු බරක් තියෙනවා රටේ ජනතාවට.ආණ්ඩුවේ තියෙන වංචාවල් දූෂණයන් වලින් වන පාඩුව වහගන්න මුදල් හොයන්න ඕන කොට අසීමිත විදියට ජනතාවට බදු ගහනවා.විදුලි බිල වැඩි කරනවා. දැන් කියනවා විදුලි බිල වැඩි වෙන්නේ ලෝකයේ තියෙන යුධමය තත්ත්වය නිසා කියලා එතකොට බාල ගල් අඟුරු ගෙනාවෙත් ලෝක යුද්ධය තියෙන නිසාද ? කිසිම රටක් මිලදී ගත්තෙ නැති මිලකට තෙල් මිලදී ගත්ත ලෝකයේ එකම රට බවට ලංකාවට පත්වෙලා තියෙනවා.ඒකත් මෙයාල කිව්වේ නෑ අර පෞද්ගලික බැංකුවක සභාපතිවරයෙක් තමයි ඒ ගැන කිව්වෙ. ඉස්සෙල්ලා ඒ ගැන නැහැ කිව්වා හැබැයි පස්සේ නැහැ කියලා කියන්න බැරිකමට ඔව් පොඩි වැඩක් උනා කිව්වා.

දැන් මුදල් අමාත්‍යාංශයෙන් වැරදි ගිණුමකට සල්ලි ගෙවනවා අස්වැසුම දෙපාරක් වැරදිලා ගෙව්වම ආපහු අය කර ගන්නවලු.හැබැයි ලංකාවේ හැමෝටම ගෙවන එකත් නවත්තලා තියෙනවා. හැබැයි මහ බැංකුවෙන් කෝටි අසුවක් ගෙවපු එක්කෙනාගෙන් නැවත අයකර ගත්තද අය කරගන්න මොකක්ද කරේ.මහ බැංකුව මුදල් අමාත්‍යාංශය ක්‍රියාත්මක වුණේ කොහොමද ඒ සිද්ධිය සම්බන්ධයෙන් වෙලා තියෙන්නේ එකම දෙයයි ප්‍රධාන සාක්කිකරු නැත්නම් සිද්ධිය පැමිණිලිකරු ආණ්ඩුව කියන විදියට සියදිවි හානි කරගෙන තියෙනවා.

තවත් පැත්තකින් ආණ්ඩුවේ මර්ධනය අපි දැක්කා පහුගිය කාලයේ ජනාධිපතිවරයා මැයි දින වේදිකාවේ කම්කරුවාගේ අයිතිය ගැන කතා කරනවා වෙනුවට නඩු තීන්දු දුන්නා.අද සමහර ජේවීපී එකේ අය රතුඤ්ඤා පත්තු කරන්නත් බලාගෙන හිටියා.දැන් මැයි පත්තු කරන්න බලාගෙන ඉන්නවා ජනාධිපතිවරයා කිව්වයි කියලා.ඒ වගේම මම දැකලා ජනාධිපතිවරයා කියනවා නීතියට උඩින් කවුරුත් නෑ කියල ඔව් ජනාධිපතිතුමා නීතියට උඩින් කවුරුත් නෑ බාල ගල්අඟුරු ගෙනාපු අයවත් ප්‍රශ්න කරන්න.හොර උපාධි සහතික පාර්ලිමේන්තුවට දීපු අයවත් ප්‍රශ්න කරන්න ද්විත්ව පුරවැසිභාවය හංගලා පාර්ලිමේන්තුවට ආපු අයවත් ප්‍රශ්න කරන්න.ජනාධිපතිතුමනි ලෝකයේ වැඩියෙන්ම ගෙවලා තෙල් මිලදී ගත්ත අයවත් ප්‍රශ්න කරන්න ඒ වගේම තමයි බැංකුවෙන් බිලියන 13ක් අන්තරස්දාන කරපු අයවත් ප්‍රශ්න කරන්න. තමන්ගේ මුදල් ලේකම්වරයා පාවිච්චි කරලා කෝටි අසූවක් වෙනත් ගිණුමකට දාගත්ත අයවත් ප්‍රශ්න කරන්න.ජනාධිපතිතුමනි ඔබ යටතේ තියෙන සමහර ආයතනවල මෙරටේ ජනාධිපතිවරයාා විදියට නිලධාරීන් විශේෂයෙන් පොලිසිය බය කරලා බොරු සාක්ෂි හදලා ඒ බොරු සාක්ෂි වලට එක එක්කෙනාගේ නම් කියන්න කියලා ඒ ජනතාව ඒ පුද්ගලයන්ව සිය දිවි හානි කර ගන්න තැනට පත් කරපු පුද්ගලයන්වත් ප්‍රශ්න කරන්න.ඒ අය දිවුරුම් ප්‍රකාශ දීලා තියෙනවා පැහැදිලිවම ඔවුන්ට කියලා තියෙනවා අප කියන කටඋත්තරේ දෙන්නේ නැත්නම් කලින් කෙනා වගේ බෙල්ලෙ වැල දාගෙන මැරෙන්න වෙනවා කියලා.අන්න ඒ අයවත් ප්‍රශ්න කරන්න.නීතිය සමානයි. ඒකනේ අපි එන්නේ බය නැතුව අපි දන්නවා අපිට බයවෙන්න හැංගෙන්න අපි වැරැද්දක් කරලා නෑ.හැබැයි බොරු සාක්ෂි හදන්න ගිහිල්ලා මානසික පීඩනයක් දීලා ජීවිතයේ එපා වෙන තැනට තල්ලුු කරලා ඒ අය සියදිවි හානි කර ගන්න තැනට තල්ලු කරන වධකාගාරවල ඉන්න අයවත් ප්‍රශ්න කරන්න.එක සිදුවීමක් නෙමෙයි දෙකක් නෙවෙයි මේ ආණ්ඩුව යටතේ සියදිවි හානි කර ගැනීම් තුනක් වෙලාා තියෙනවා.ඒ අයවත් ප්‍රශ්න කරන්න.අන්න එදාට අපිට විශ්වාස කරන්නත් පුළුවන් ඔබතුමා ඔය කියන නීතිය කාටත් සමානයි කියලා.

අද මාලිමාවට එක නීතියක් ආණ්ඩුවේ වධකාගාරවල ඉන්න වධකයන්ට වෙන නීතියක් විපක්ෂයේ ඉන්න අපිට තව නීතියක් එහෙම තියෙන්න බෑ.ඔබේ ළඟ හිතවත් ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරන්න නිදහස දෙනවා වගේම ගමේ ඉන්න දුප්පත් ව්‍යවසායකයාවත් ආරක්ෂා කරන්න.අද තියෙන මේ විදුලි මිලත් එක්ක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න බැහැ.බදු ජල බිල වැඩිවෙනවා මේ කාරණා එක්ක ගමේ සාමාන්‍ය ජනතාව කොහොමද තමන්ගේ ව්‍යාපාර ආරක්ෂා කර ගන්නේ.හැබැයි ආණ්ඩුව ඒ ගැන කතා කරන්නේ නැහැ. ආණ්ඩුව ඒ ගැන හොයන්න යන්නේ නැහැ. ව්‍යාපාර වලට විදුලි බිල පහරක් බවට පත්වෙලා තියෙන්නේ දෛනික ආදායම් උත්පාදනය කරන අයට ව්‍යවසායකයාට රාජ්‍ය සේවකයට මේක බරක් බවට පත්වෙලා තියෙන්නේ ආණ්ඩුවේ තියෙන වංචාවල් වහගන්න ජනතාව මත ඒ පීඩනය දාන නිසයි.ඒක සාධාරණ නැහැ ඒ හින්දා අපි ආණ්ඩුවට කියන්නේ කරුණාකරලා ඔබේ බොරුව පැත්තක තියලා අඩුගානේ එක වැඩක් හරි දෙකක් හරි කරලා දෙන්න.අද කර්මාන්තශාලා වැහෙනවා රැකියා අහිමි වෙනවා අපි දැක්කා මේ ආණ්ඩුව බලයට එනකොට කියපු කතා එක්ක අද රටේ තරුණයෝ තොරතුරු තාක්ෂණයේ රැකියා දහස් ගණනක ඉන්න ඕනේ.හැබැයි එහෙම වෙන්නේ නැහැ ඇයි ආණ්ඩුව එදා බොරුවක් කිව්වේ.අද තොරතුරු තාක්ෂණයේ ආදායම් උත්පාදනයට ආණ්ඩුවේ කිසිම මැදිහත්වීමක් නැහැ තරුණයෝ තමන්ගේ හැකියාවෙන් තමන්ගේ සම්බන්ධතා වලින් අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් කළොත් ඒකටත් බද්දක් ගහනවා.මේක ආණ්ඩුව බිස්නස් එක ගෙනත් දුන්නා වගේ.මේවා සාධාරණ බදු නෙවේ මෙරටේ ජනතාව බදු ගෙවන්න විරුද්ධධ නැහැ මේ බද්ද අසාධාරණයි නම් ඒ බද්ද නිසා ජීවන වියදම වැඩි වෙනවා නම් ඒක ගෙවන එක සාධාරණ නෑ කියලයි අපි කියන්නේ.ඒ හින්දා ආණ්ඩුවට අපි කියන්නේ කරුණාකරලා දැන්වත් මේ ජනතාවට ඇහුම්කන් දෙන්න මහජනතාවගේ හඬට ඇහුම්කන් දෙන්න.මහජනතාවගේ හඬට ඇහුම්කන් දීලා මැතිවරණ වේදිකාවේ දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න.බැරි නම් අඩුම තරමේ උත්සාහයක්වත් දරන්න.කෘෂිකර්ම ඇමතිවරයා කියනවා පොහොර නැහැයි කිව්වොත් නැහැයි කියල කියපු කෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවලු.මාර වැඩක් ඉතින් ගොවියන්ට පොහොර නැත්නම් නැහැයි කියලා කියන්නෙ නැතුව තියෙනවයි කියලා කියන්නද.හැබැයි එහෙම නැහැයි කියලා කිව්වොත් පොලිසියට පැමිණිලි කරනවලු මේ රටේ මේ ඇමතිවරු කියන්නේ.

පක්ෂයේ ලේකම්වරයත් කියනවා ආයේ ජීවිතයට කිසිම ආණ්ඩුවක් එන්න දෙන්නේ නැතිලු.වෙන පක්ෂයකට එන්න දෙන්නෙ නැතිලු.ඉතින් මේ අය තාමත් හිතනවා නම් අසූඅට අසූ නමේ වගේ මර්ධනයෙන් භීෂණයෙන් බය කරලා ඡන්දෙ තියන්නෙ නැතුව රට පාලනය කරන්න විනාශ කරන්න ඒවට මේ රටේ ජනතාව ඉඩ තියන්නේ නැහැයි කියලත් අපි ආණ්ඩුවට මතක් කරලා දෙන්න ඕනේ.ඒවට මේ රටේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ ඒවා පරණකතා ඒවා අද නූතන පරම්පරාවට ගැලපෙන්නේ නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: