hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 07, ප.ව. 1:31



මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස හර්ෂ ද සිල්වා මහතාගේ ක්‍රියා කලාපය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තිබෙන බව රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

බරපතල ලෙස වරප්‍රසාද කඩ වී ඇති බවත් මුදල් කාරක සභාවේ විෂය පථයට අදාල නොවන කරුණු විභාග කිරීම සම්බන්ධයෙන් සභාපති ධූරය අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා චෝදනා කළා.

එහිදී කමිටු සභාපතිවරයා විසින් කමිටු සාමාජිකයින්ගේ අදහස් විමසීමකින් තොරව අමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ වාර්තාවක් කැඳවා වැරදි ලෙස විමර්ශනයක් සිදු කිරීම, තම අභිමතය පරිදි කමිටු සාමාජිකයින්ගේ විමසීමකින් තොරව ඔවුන්ගේ නම් ඇතුලත් කරමින් සභාපතිවරයාට නොමැති බලයක් ආරූඪ කරගෙන ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයින්ට දඩුවම් පැමිණවීම, කමිටුව හමුවට නිලධාරීන්ගේ ගෞරවය කෙලෙසන ලෙස බලවත් ලෙස මානසික පීඩනයට ලක් කරමින් මාධ්‍ය කමිටුවට වැරදි මතයක් සමාජ ගත කරවීම වැනි කරුණු පෙන්වා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: