hit counter

2024 අප්‍රේල් මස 12 වන සිකුරාදා

2023 පෙබරවාරි 14, පෙ.ව. 4:38



තමන් අවශ්‍ය වේලාවට එළියට පැමිණෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මම දැන්ම එළියට එන්න අවශ්‍ය නෑ. කොහොමටත් නියම වෙලාවට මම එළියට එනවා. එතකොට මොකද වෙන්නේ කියලා බලමුයි” මේ දිනවල ඍජුව දේශපාලන ප්‍රචාරක වැඩවලට සහභාගි නොවී නිහඬව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා හමුවූ මාධ්‍යවේදින් පිරිසකට පවසා තිබෙනවා.

මේ දිනවල දේශපාලනයෙන් අදත් නිහඬව සිටින්නේ මන්දැයි මාධ්‍යවේදියකු ඔහුගේ නිල නිවෙසේදී පැවැති සුහද හමුවකදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති එසේ ප්‍රකාශ කර තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණට හා ජාතික ජන බලවේගයට අද වනවිට ජනරැල්ලක් තියෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඔබට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඒක අභියෝගයක් නොවේදැයි මාධ්‍යවේදියකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ “කොහොමත් ඉතින් ජනතා විමුක්ති පෙරමුණේ කතා අහන්න ජනතා පිරිසක් ඉන්නවා. රෝහණ විජේවීරගේ කතා අහන්න ඒ කාලේ මමත් ගියා. එයාලගේ කතා අහන්න මිනිස්සු ගියාට, එයාලට ඡන්දෙ නෑනේ. මමත් ජනතා විමුක්ති පෙරමුණේ අය කියන කතා අහන්න ආසයි. මේ පාර විතරක් නොවෙයි ගිය පාරත් ජේ.වී.පී. එකට මේ වගේ රැල්ලක් තිබුණා. ඒ වුණාට කී දෙනාද පාර්ලිමේන්තුවට ආවේ. මේ පාරත් ඒ වගේ තමයි”

ඔබතුමා දැන් ක්‍රියාකාරි දේශපාලනයට එන්නේ නැත්තේ ඇයි දැයි මාධ්‍යවේදියකු ඇසූ තවත් ප්‍රශ්නයකට මහින්ද මෙලෙස උත්තරයක් දී තිබුණා.

“මම දැන්මම එළියට එන්න අවශ්‍ය නෑනේ. මොකද අප තරුණ පරපුරකුත් හදලා තියෙනවා. ඒගොල්ලො මේ කටයුතු ඉදිරියට කරගෙන යන්න ඕනෑ. කොහොමටත් මම එළියට එන්නේ නියම වෙලාවට. බලමු එතකොට මොනවද වෙන්නේ කියලා.” මහින්ද තරමක දැඩි ස්වරයකින් ප්‍රකාශ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: