hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 මැයි 16, පෙ.ව. 10:02



මහින්ද රාජපක්ෂ නායකත්වයට සමු දුන්නේ මහාජනතාවත් සමඟ බැවින් නැවත නායකත්වයට පැමිණෙන්නේත් ජනතාවගේ මනාපයෙන් ම පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ සඳහා කොලඹට දැඩි ආරක්ෂාවල් යොදා තිබීම අනවශ්‍ය බවද ඔහු කියා සිටියා. 

මේ අතර හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා යළිත් අගමැති ධූරය සඳහා පත්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුල බරපතළ මතගැටුමක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.

ඉන් එක් කණ්ඩායමක් යෝජනා කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂයට ගොස් විපක්ෂයට නායකත්වය දිය යුතු බවයි.

අනෙක් පිරිස දැඩිව කියා සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරය ගැනීම සුදුසු බවත් ඒ හරහා ඔහුට දේශපාලනයෙන් ගෞරවනීය සමුගැනීමක් ලබා දිය හැකි බවත්ය.

මෙම ගැටළුව සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල තුලද බරපතල වාද විවාද ඇති වෙන්න ඇති වී තිබෙන බවද ආරංචි මාර්ග පෙන්වා දෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: