hit counter

2024 මැයි මස 12 වන ඉරිදා

2023 අගෝස්‍තු 12, ප.ව. 3:51



මහින්ද රාජපක්ෂ මහතා විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා ක්‍රිකට් තරගාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් අද (12) නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේදී  හිටපු ජනාධිපති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ක්‍රිකට් තරගාවලිය සදහා මහින්ද රාජපක්ෂ මහතා, නාමල් රාජපක්ෂ මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ  මහතා, නුවරඑළිය ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන යන මහතුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගි වී සිටියා.

රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර තරඟ දෙකක් පැවැත්වූ අතර තරඟ දෙකේම ජයග්‍රහණයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම දිනා ගැනීමට සමත් වුණා.

තරගාවලියේ වීරයා වශයෙන් ගයාශාන් මන්ත්‍රීවරයා තේරී පත්වූ අතර, හොඳම පන්දු රකින්නා වශයෙන් සී.බී රත්නායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද , හොඳම පිතිකරු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.වීරසිංහ සහ හොඳම පන්දු යවන්නා වශයෙන්  ප්‍රේමලාල් ජයසේකර කුසලාන ලබාගත්තා.

තරගාවලියේ ජයග්‍රහකයන් හා සහභාගීත්වය සඳහා ත්‍යාග ප්‍රදානය හිටපු ජනාධිපති හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: