hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 22, ප.ව. 7:09



පාස්කු ප්‍රහාරය සිදු කළ පුද්ගලයන් කවුරුන්දැයි තමන් දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (22) මහනුවර පැවැති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කළහොත් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට සූදානම් බව ද ඔහු අවධාරණය කර සිටියා.

එම හෙළිකිරීමේ රහස්‍යභාවය රැකීම එම විනිශ්චකාරතුමන්ලාගේ වගකීමක් බවයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධව දැන් නඩුවට ඉදිරිපත් කරන්නේ ද සිය පාලන කාලයේ අල්ලපු ත්‍රස්තවාදීන් බවත් ‘පාස්කු දින’ ත්‍රස්ත ප්‍රහාරය සැබෑ ලෙස කළේ කවුද යන්න කිසිවකු මේ දක්වා ප්‍රකාශ කර නොමැති බවත් හෙතම සඳහන් කළා.

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජනාධිපතිවරයා බවට පත්ව හොඳ තැනකට රට ගෙනියන්න සූදානම්ව සිටිය ද ආණ්ඩු පක්‍ෂයේ සහ වික්‍ෂයේ සහයෝගය ලැබුණේ නැහැ.

ඉන් තමන් දැඩි ලෙස කළකිරීමකට පත්ව සිටින බවයි, මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කැමැත්තෙන්ම බලය අඩුකරගෙන වසර පහකට ආසන්න කාලයක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ බව ද ඔහු එහි දී පෙන්වා දුන්නා.

ආණ්ඩුව, දේශපාලන පක්‍ෂ සහ සමාජය ඇතුළු රටම අර්බුදයක තිබීම හේතුවෙන් අර්බුදයෙන් මිදීමට නම් නියමිත කාලයේ දී මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ, ප්‍රශ්නවලට මූලිකත්ව දී කටයුතු කිරීමේ වගකීම එම මැතිවරණයෙන් පත්වන අලුත් ආණ්ඩුවට පැවරෙන බවයි.

වර්තමාන පාර්ලිමේන්තුව ජනතාවගේ බලය නොමැති දැඩිව පිරිහීමට පත්වූ තැනක් බවට පත්ව තිබෙනවා.

දූෂිතයෝ සහ වංචාකාරයො පාර්ලිමේන්තුවට නොඑවීමට ඡන්දය පාවිච්චි කිරීමට ජනතාවගේ වගකීමක් වන බවයි, මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: