hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 09, ප.ව. 2:37



ක්‍රිකට් වගේම අද රටේ හොරකම නැති තැනක් සොයා ගැනීම අමාරු යැයි  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පැවසුවා.

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට  එරෙහි යෝජනාව පිළිබඳ විවාදයේදීයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ඇතිවූයේ අද ඊයේ නොවන බව පැවසූ හිටපු ජනපතිවරයා  වසර විස්සකට පෙර සිට එහි දූෂණය ක්‍රියාත්මක වූ බවද සඳහන් කළා.

රටේ හොරකම වැළැක්වීමට ශක්තිමත් නීති ගෙන ආ යුතු බවද ඔහු සඳහන් කළා.

මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද පැවසුවා.

“ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණය අද ඊයේ ඇති වූ දෙයක් නොවෙයි. ඒකෙ දූෂණ මීට අවුරුදු විස්සකට එහාට දිව යනවා. දූෂණ වංචාව අද මේ රටේ තියෙන්නෙ ක්‍රීඩාවේ පමණක් නොවෙයි.  අද රටේ හොරකම දුෂණය නැති තැනක් නැහැ. මේ අය මේ හොරකම් කරන සල්ලි  යන්න ඕන පාසල්වල ක්‍රීඩකයන්ට. ක්‍රීඩාවලට.  ක්‍රිකට්වලට බෝලයක් ගන්න බැරි පාසල් දරුවන් ඉන්නවා.මේ රටේ කුඩුකාරයෝ පාතාල කාරයෝ වංචාකාරයෝ බිහිවෙලා තියෙන්නෙ සෑම අංශයකම හොරකමත් එක්ක. ක්‍රිකට් විතරක් නොවෙයි. සෑම අංශයකම දූෂණය නැති කළ යුතුයි. දක්ෂ ක්‍රීඩකයන් ගොඩක් බිහිවන්නේ ගමෙන්. වංචා දූෂණ වැළැක්වීමට නව නීති රටට අවශ්‍යයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: