hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 15, පෙ.ව. 8:50



එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජන බලවේගයත් එක් සන්ධානයකට ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග තමා සාකච්ඡා පැවැත්වූ බව සත්‍යයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසනවා.

නමුත් මේ සාකච්ඡාවේ කිසිදු අවස්ථාවක අගමැති තනතුර පිළිබදව සාකච්ඡා නොකල බවත් ඒ ගැන අදහස් ඉඅදිරිපත් කිරීමට ඉක්මන් වැඩිය යන අවබෝධය තමා තුළ තිබූ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මේ සන්ධානගත වීම පිළිබඳ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ බවත් ඒ නිසා එම සාකච්ඡාව ඉදිරියට ගෙනයෑම නතර කර දැමූ බවත් ඔහු කියා සිටියා.

එසේ තිබිය දී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අගමැති තනතුර ලබා දීමට සූදානම් බවට තමා හරහා පණිවිඩයක් ලබා දී ඇතැයි පවසමින් ඇතැම් මාධ්‍යයන් විසින් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යක් බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ.

“ඒ වගේම මම පණිවිඩකරුවන් නොවෙමි. සද්භාවයෙන් මතවාදීව යම් සාකච්ඡාවක දී මැදිහත්කරුවකු ලෙස ඉදිරිපත් වීමට හැකියාවක් ඇතැත් පණිවිඩකරුවාගේ භූමිකාව මා විසින් නොකරන බවත් ප්‍රකාශ කර සිටීමට කැමැත්තෙමි.” යැයි මනෝ ගනේෂන මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: