hit counter

2024 මැයි මස 11 වන සෙනසුරාදා

2023 ජූනි 28, පෙ.ව. 1:33



ඉදිරි ජනාධිපතිවරණය සඳහා, තම කඳවුර සහ රට ජයග්‍රහණය කළ හැකි, රටට ආදරය කරන අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ බීබීසී සිංහල සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

අද වන විට ව්‍යාපාරිකයින්, ව්‍යවසායකයින්, පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් බොහෝ පිරිසක් ජනාධිපති අපේක්ෂකයින් බවට පත්ව ඇති බවයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ.

එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා අරගලය මර්දනය නොකළ ද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අරගලය සාර්ථකව මර්දනය කළ බව ද නාමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

යම්කිසි තැනක වැරදීම් සිදුව ඇති බවත් ඒවා හඳුනාගෙන, නිවැරදි කරගෙන දේශපාලනයේ ඉදිරියට යෑම තම අරමුණ බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: