hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2023 ජූලි 31, ප.ව. 12:17



ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පොහොර පිළිබඳව උපදෙස් දෙනු ලැබුවේ ගාලුමුවදොර අරගලය මෙහෙය වූ තුන්වන පාර්ශවය විසින් දැයි ප්‍රශ්නය තමන්ට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවා.

එසේ නොමැති නම් වක්කඩෙන් අත හෝදපු ඩී.ඒ රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු පොහොර සහනාධාරය කපන්නේ නැති බවට තමන් විශ්වාස කරන බවද හෙතෙම කියා සිටියා.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිරියාල ආසන බල මණ්ඩලය අමතමින්.

“කිසියම් හේතුවක් නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව කාබනික පොහොර වලට පරිවර්තනය වුණා. ඒ පරිවර්තනය වීම සම්පූර්ණයෙන් අසාර්ථක වුණා. අරගලය මෙහෙයවපු තුන්වන පාර්ශ්වය එය උපයෝගී කර ගත්තා. මට තියෙන සැකය අරගලය මෙහෙයවූ තුන්වන පාර්ශ්වයමද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පොහොර පිළිබඳ උපදෙස් ලබාදුන්නේ කියන එක.” යැයිද හෙතෙම සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: