hit counter

2024 මැයි මස 11 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 01, ප.ව. 1:04



බොහෝ රටවල ආණ්ඩු හා විපක්ෂය විසින් තම රටේ ආර්ථික හා දේශපාලනික අස්ථාවරත්වයට ඒකාබද්ධ විසඳුම් සොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එසේ වුවත් අප රටේ විපක්ෂයේ හැසිරීම රාජ්‍ය බිද දමා හෝ ආණ්ඩු බලය ලබාගැනිමට කුමණ්ත්‍රණ කිරීම බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

අද වන විට විපක්ෂයේ වගකීම් විරහිත හැසිරීම පිළිබඳ පට්ට පිළිකුලක් ඇතිවන බවද මන්ත්‍රීවරයා කියයි.

තම කණ්ඩායම සෑම විටම ප්‍රයෝගිකව කටයුතු කරමින් කොන්දේසි විරහිතව රාජ්‍ය ශක්තිමත් කිරිමට අවශ්‍ය සහය ලබා දි ඇති බවද රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට අවශ්‍ය ඕනෑම මොහොතක ආණ්ඩු බලයක් ලබාගැනිමේ හැකියාවක් පවතින බවත් එහෙත් ඊට ප්‍රථම ප්‍රමුඛතාවය රාජ්‍යයේ ආරක්ෂාව බව තමන් විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පස්සර ආසනබලමණ්ඩලයට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: