hit counter

2024 මැයි මස 11 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 06, ප.ව. 7:01



රාජපක්ෂවරු පාස්කු ප්‍රහාරය සැලසුම් කලේ කොහොමද කියලා තමන්ට මට හිතාගන්න බැරි බවත්  චැනල්4 කියන්නේ චිත්‍රපට ආයතනයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියා.

අපි පැහැදිලිවම කියන්න ඕන අපි ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරනව මිසක් අවස්ථාවාදී දේශපාලනයක් නොකරන බව නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළා.

ඒ අද (06) පාර්ලිමේන්තුව අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද සඳහන් කළා.

“අද සෞඛ්‍ය ගැන කතාකරන්න තිබ්බත් බොහෝ අය කතා කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන. Channel 4 ආයතනය මගින් නිකුත් කරපු වීඩියෝව ගැන. අපි පැහැදිලිවම කියන්න ඕන අපි ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරනව මිසක් අවස්ථාවාදී දේශපාලනයක් කරන්නේ නෑ. පහුගිය කාලෙ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටුවල පාස්කු ප්‍රහාරයට වසරකට කලින් තියපු මැතිවරණයෙන් 70% වඩා ජයග්‍රහණය කළා. ඒ නිසා අපිට ප්‍රතිපත්තිවලින් එහාට ගිහින් මැතිවරණයක් ජයග්‍රහණය කරන්න උවමනාවක් තිබුණෙ නෑ. එහෙම අවශ්‍යතාවයක් අපිට ඇත්තෙත් නෑ.

අද චෝදනා කරන්නෙ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙ ජයග්‍රහණය වෙනුවෙන් ඒක භාවිත කළා කියල. පළමු කාරණය ඒ කාලෙ තිබුණෙ යහපාලන ආණ්ඩුව. ඒ තුළ ජනතා විමුක්ති පෙරමුණත් ක්‍රියාකාරීව හිටිය. දූෂණ විරෝධී කමිටුවක් තිබුණ. එදා අපේ පවුලේ සියලු දෙනාම වැඩිහරියක් කාලය ගත කළේ එෆ්. සී. අයි. ඩී. එකේ. පොලීසිවල හිරගෙවල් වල.  මට හිතාගන්න බෑ එහෙම කාලසීමාවක රාජපක්ෂවරු බුද්ධි අංශයේ ප්‍රධානියෙක් හොයාගෙන පාස්කු ඉරිදා ප්‍රහාරයක් සැලසුම් කරන්නෙ කියන කාරනය. පාස්කු ඉරිද ප්‍රහාරයට සම්බන්ධ අය කො‌හේද හිටියෙ. ඒ මරාගෙන මැරුණු එක බෝම්බ කරුවෙක් යහපාලන ආණ්ඩුව බලයට ගේන්න කටයුතු කරපු මෛත්‍රීපාල අතිගරු ජනාධිපතිතුමාගෙ වේදිකාවෙ හිටිය. තව කෙනෙක් ජනතා විමුතක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙ අපේක්ෂකයෙක් විධියටත් හිටිය. විජයදාස රාජපක්ෂ අමාත්‍යතුමත් මේ ගැන පාර්ලිමේන්තුවෙ ප්‍රකාශයක් කළා. අන්තවාදී සංවිධාන ගැන. මුජිබර් මන්ත්‍රීතුමාට එදා කිවුව ජාතිවාදය අවුස්සන්න එපා කියල. එහෙම බැලුවනම් රාජපක්ෂ කෙනෙක් බලයට ගේන්න තමන්ගෙ ජීවිතය නැතිනරගත්ත කියන පිළිගන්න පුලුවන් කාරනයක් නොවෙයි. යම් කිසි විදියකින් එහෙම වුණා නම් ඔබ තමුන්නාන්සේලා සියලු දෙනත් ඝොඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ගේන්න කැප වුණා කියල තමයි කියන්න වෙන්නෙ.

මේ නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක වෙන්න ඕන. අදටත් 720 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තියෙනව. 70 වැඩි ප්‍රමාණයකට නඩු දාල තියෙනව. ඇමරිකාවෙ නඩු 3 විභාග වෙනව. ඒ වගේම අපිට වගකීමක් තියෙනව මේක දේශපාලීකරණය නොකරන්න. නමුත් අද වෙන්නෙ මේ සියල්ල දේශපාලනීකරණය කරල වාසියක් ලබාගන්න උත්සාහ කරනව. මම විශ්වාස කරන්නෙ නෑ මේ වගේ දෙයක් දේශපාලනීකරණය කිරීම තුළින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැබෑ මොලකරු අත්අඩංගුවට ගන්න  හෝ ජීවිතය අහිමි වෙච්ච අයට සාධාරණයක් කරන්න අපිට පුලුවන් වෙයි කියල.  ඒ වගේම Channel 4 ආයතනය මගේ පවුල එක්ක පාරම්පරික වෛරයක් තියෙනව. 2009 යුද්ධය අවසන් කළ වෙලාවෙ ඉදන් මෙම නාලිකාව රාජපක්ෂවරුන්ට විරුද්ධව නිරන්තරයෙන් වීඩියෝ චිත්‍රපටි ක්‍රියාත්මක කළා. මම එය මාධ්‍ය ආයතනයක් විධියට සලකන්නෙ නෑ. ඒක වීඩියෝ චිත්‍රපටි කරන ආයතනයක්.  මේ ආයතනය 2009 යුද්ධය ඉවර කිරීමේ වෛරය පිරිමහගන්න නැවත කටයුතු කරනව. මේ වෙනකොට ඒ වීඩියෝ එකත් Channel 4 ආයතනයේ වෙබ් එකෙන් ඩිලීට් කරල තියෙනව. මම අහන්න කැමතියි එය හදනකොට යම් සාධනීය භාවයක් තිබුණ නම් ඇයි අද වෙනකොට ඒක ඩිලීට් කරල තියෙන්නෙ කියල.

ඉතිහාසයේ ඉඳලා අපි විශ්වාස කරපු කාරණයක් තමයි අපේ රටේ සෞඛ්‍යය ශ්‍රේෂ්ත්‍රය හොදින් තිබුණ කියන එක. ඉතිහාසයෙ ඒ ලබපු අත්දැකීම් පළපුරුද්ද එක්ක ලෝකයේ හොඳම සෞඛ්‍ය  ක්‍රමවේදයක් පවතින රට බවට අපේ රට ඉතිහාස ගත වෙලා තිබුණා. අපි දැක්කා හැම ආණ්ඩුවකම හිටපු අමාත්‍යවරයාට ඒ පිළිබඳව චෝදනා එල්ල වුණා. විශ්වාසභංගයේ සඳහන් කරලා තියෙන කාරනව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට පමණක් ඉදිරිපත් වෙච්ච කාරණයක් නොවෙයි. රාජිත සේනාරත්න මහත්තය අමාත්‍යවරයා විදියට ඉන්නකොට, මෛත්‍රීපාල මහත්තය අමාත්‍යවරයා විධියට ඉන්නකොට, නිමල් සිරිපාල මහත්තය අමාත්‍යවරයා විධියට ඉන්නකොට දේශපාලන වශයෙන් අපි බොහෝ කාරණා කතා කරනවා පාර්ලිමේන්තුව තුළ. හැබැයි මේ සඳහා විසදුම මොකක්ද එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව කාලෙ යෝජනා දෙකක් ගෙනාව මේ රටේ බෙහෙත්  නිෂ්පාදනය කරන්න ගම්මාන දෙකක් හදන්න ඕන කියල.

ඔයාමඩුව එක කළාපයක් හම්බන්තොට තව කලාපයක්. ගරු අමාත්‍යතුමා ඔයාමඩුව ඉදිරියට අරන් යනව. ඉතින් මේ තුළ අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ බෙහෙත් නිෂ්පාදනය කරන්න ආරම්භ කළ යුතුයි කියල අපි විශ්වාස කරනව. ඒ වගේම ප්‍රායෝගිකව බොහෝ කාරණා ක්‍රියාත්මක කරන්න පුලුවන්. අපි දන්නව ගම්වල රෝහල් වල වෛද්‍යවරු නෑ. බෙහෙත් විතරක් නොවෙයි. කාර්යමණ්ඩලය අඩුයි.  සමහර වෙලාවට රජයේ රෝහල් වල පෝලිම නිසා පැය ගානක් ඉන්න වෙනව වෛද්‍යවරය මුණගැහෙන්න. ඉතින් මේ කාරනා ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රායෝගික ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඹ්න. මම තාක්ෂණ අමාත්‍යවරයා කාලේ QR system එකෙන් OPD එකට appointment ලබාදෙන්න කතාකළා. පෞද්ගලික රෝහල් වල මේක ක්‍රියාත්මක වෙනව. සමහර රෝහල් වල වෛද්‍යවරුත් මේක ක්‍රියාත්මක කරනව. අපේ ජාතික වැඩපිළිවෙලක් ලෙස සෞඛ්‍ය අංශ තුළ මේ වගේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක විය යුතුයි කියල අපි විශ්වාස කරනව.

සෞඛ්‍ය ක්ෂේත්‍රය ඩිජිටලයිස් විය යුතුයි. ඒ පිළිබඳ ජාතික පද්ධතියකට මේ රටේ සියලු රෝහල් ඇතුළත් වෙන්න ඹ්න. ඒ මගින් පහසුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලගාවිය හැකි පරිසරයක් අපේ රට තුළ හැදෙන්න අවශ්‍යයි. ලංකාව ලොක්යේ පළවෙනි රට නොවෙයි මෙම තාක්ෂණය හදුන්වාදීමට උත්සාහ කළ. මාලදිවයින වගේ රටවල් ක්‍රියාත්මක කරනව දැන්. ජීවන රටාවේ වෙනසකුත් අපේ රටේ වෙන්න අවශ්‍යයි. ඒක මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට තනිව කළ හැක්කක් නොවෙයි. මෙරට සියලු අංශ මේ වෙනුවෙන් කටයුතු කළ යුතුයි. මේ රටේ ජනතාවගේ ආහාර රටාවේ සෞඛ්‍ය රටාවෙ වෙනසක් විය යුතුයි කියල අපි විශ්වාස කරනව. අපි දේශපාලනික වශයෙන් ඉන්න අමාත්‍යවරයට යම් නිලධාරියෙක්ට චෝදනා කරල වැඩක් නෑ. පහුගිය කාලෙ NMR ආයතනය ගැන ආන්දෝලනාත්මක කාරනා කිහිපයක් සිද්ධ වුණා. එක පැත්තකින් සියලුම දත්ත ටික මැකුන. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනව. මම ගරු අමාත්‍යතුමාලගෙන් ඉල්ලා සිටිනව එම කටයුතු ඉක්මනින් කරන්න කියල. ඒ මගින් ඔය බොහෝ චෝදනාවලට පිළිතුරු ලැබෙයි කියල මම විශ්වාස කරනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: