hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2024 මාර්තු 17, ප.ව. 4:26



ඡන්දයක් පවත්වන්න කැමති අයත් ඉන්නවා නැති අයත් ඕනෑම පක්ෂයක ඉන්නවා ඒත් අවසන් තීරණය ගන්නෙ පක්ෂය විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

“ඡන්ද පැවැත්වීමට අකමැති වීම අද ඊයේ සිද්ධ උන දෙයක් නෙවෙයි හැත්තෑ පහේ තියන්න ඕනෙ ඡන්දය හැත්තෑහත දක්වා කල් දැමුවා,ඒ වගේම අවුරුදු දාහතක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය අතීතයේ ඡන්ද කල් දැමුවා යහපාලන ආණ්ඩුව පලාත්සභා විසුරුවා හැරියා අද වෙනතුරු ඡන්ද නෑ දැන් පලාත්පාලන ඡන්දෙ නෑ ඉතින් එහෙමයි කියලා ඡන්ද පැවැත්වීම නොකර ඉන්න බෑ.මහින්ද ජනාධිපතිතුමාගෙ කාලෙ වෙලාවට ඡන්දය තිබ්බා.මම කියන්නෙ මහ මැතිවරණයක් තිබ්බොත් සැබෑ ජනමතය බලා ගන්න පුළුවන් කියලා.පක්ෂය ඇතුලෙ පෞද්ගලික මත තියෙන්න පුළුවන් මැතිවරණ එපා කියන්න පුළුවන් හැබැයි ඒවා පෞද්ගලික මත විතරයි.පක්ෂය තීරණය කළොත් මොකක්ද තියන්න ඕනෙ මැතිවරණය කියලා, ඊට හැම දෙනාම සහයෝගය දිය යුතුයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: