hit counter

2024 මැයි මස 11 වන සෙනසුරාදා

2023 මාර්තු 20, පෙ.ව. 9:51



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි අගමැති ධුරයේ පිහිටුවීමේ සටන ආරම්භ කර තිබෙන බව පොහොට්ටුවේ ආරංචි මාර්ග පවසනවා.

මහින්ද රාජපක්ෂ යළි අගමැති කිරීමේ මෙහෙයුමේ පළමු රැස්වීම මොනරාගලින් පැවැත්වීමට තීරණය කළ බවත්, එහි සංවිධාන කටයුතු රාජපක්ෂ පවුලේම ප්‍රමුඛ නියෝජිතයකු වන ශෂීන්ද්‍ර රාජපක්ෂ වෙත භාරදී ඇති බවත් වාර්තා වුණා.

කෙසේ වෙතත් ශෂීන්ද්‍ර රාජපක්ෂට එම වගකීම බාර දී ඇත්තේ බැසිල් රාජපක්ෂ වන අතර ඒ රාජපක්ෂ පවුලේ ඊළඟ දේශපාලන ප්‍රබලයා පත් කිරීමේ අරමුණින් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පැවසූවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් කෙසේ වෙතත් ඊට ශිරන්ති රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂගේ වැඩි කැමැත්තක් නොමැති බවයි.

ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ඉලක්කය වී ඇත්තේ රාජපක්ෂ පවුලේ ඊළඟ දේශපාලන ප්‍රබලයා ලෙස නාමල් රාජපක්ෂ මහතා පත් කිරීම බව එම ආරංචි මාර්ග පැවසුවා.

තමන්ට භාරදුන් මෙහෙයුම සාර්ථකව අවසන් කරමින් ශෂීන්ද්‍ර පසුගිය සතියේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යළි අගමැති කිරීමේ සටන අරඹමින් මොනරාගල රැලිය සඳහා විශාල ජනකායක් ගෙන්වීමට පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත් මෙහිදී කැපී පෙනෙනම සිදුවීම වූයේ මහින්ද රාජපක්ෂ මහතා ඊට පැමිණියද නාමල් රාජපක්ෂ මහතා ඊට සහභාගි නොවී තිබීමයි.

ඒ අනුව නැවත වටයකින් රාජපක්ෂ පවුල ඇතුළේ ඇති අර්බුදය මොනරාගල රැලිය හරහා එළියට පැමිණ ඇති ආකාරයක් දැකගත හැකියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: