2023 ඔක්‍තෝබර් 01, පෙ.ව. 7:50
 
            
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදී 2029 දී එන ජනාධිපතිවරණය සඳහා නාමල් රාජපක්ෂ මහතා සුදානම් කිරීම සුදුසු බවට රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් පසුගියදා යෝජනා කර තිබෙනවා.
ඒ අනුව එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්‍ෂය එක්ව සන්ධානයක් සකස් කර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දිය යුතු බවට මෙහිදී සාකච්ඡා වී ඇති බවද දැනගන්නට ඇත.
ජනාධිපතිවරයා වර්තමානයේ රට ගොඩනැඟීම වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ ඉදිරියටත් ගෙන යෑම සඳහා ඔහුට අඛණ්ඩව තවත් වසර 5ක් ජනාධිපති තනතුරේ තිබිය යුතු බවද එම තනතුර වෙනස් වුවහොත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ අතරමැද නවතින අතර ඒ අනුව නැවත රටේ අර්බුද ඇතිවිය හැකි බවද මෙම සාකච්ඡාවේදී දකුණු පළාත නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයකු පවසා ඇති බවද වාර්තාවේ.
එහෙත් මෙම කටයුත්තට පොදුජන පෙරමුණු නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේද එකඟතාව අවශ්‍ය අතර ඒ අනුව එම යෝජනාව ඔහුට ඉදිරිපත් කළ යුතු බවටද මෙම රාජ්‍ය අමාත්‍යවරුන් පිරිස යෝජනා කර තිබෙනවා.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25
27-10-25
 
                                            27-10-25
27-10-25
 
                                            27-10-25