hit counter

2024 මැයි මස 11 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 02, ප.ව. 6:40



නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය නිකුත් කර තිබූ රුපියක් ලක්ෂ 26ක විදුලි බිල ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අද (02) පස්වරුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ශාඛාවටම පැමිණ ගෙවා දමා තිබෙනවා.

එම ගෙවීම සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සනත් නිශාන්ත මහතා පැවසුවේ අදාළ විදුලි බිල තමන්ගේ ඉස්සන් ගොවිපළේ ආදායමෙන් ගෙවා දැමූ බවයි.

නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය සඳහා මෙලෙස විදුලිය ලබා ගෙන ඇත්තේ ජනාධිපති ආරක්ෂක අංශය විසින් සිදු කළ ඉල්ලීමක් මත බවද ඔහු මෙහිදී තවදුරටත් ප්‍රකාශ කළා.

මේ ආකාරයෙන් රටේ සාමන්‍ය ජනතාව පිළිබඳවද ඔබතුමාට දුකක් නොදැනෙන්නේද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

එහිදී සනත් නිශාන්ත මහතා පැවසුවේ තමන්ට රටේ සියලු ජනතාවගේ විදුලි බිල් ගෙවා දැමිය නොහැකි බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: