hit counter

2024 මැයි මස 11 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 10:24



තම බාල සොහොයුරා යවන ලද රොකට් යානය සඳහා ආයෝජනය කර ඇත්තේ පෞද්ගලික සමාගමක් බවත් එහි යම් ගැටලුවක් වී ඇත්නම් ඕනෑම කෙනකුට ඒ පිළිබඳව නීති මඟින් කටයුතු කළ හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ආසන සමුළුවකදී අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළා.

එහිදී හෙතෙම මෙසේද සඳහන් කර සිටියා.

“දැන් පසුගිය දිනවල ඉන්දියාව රොකට් එකක් යැව්වා. ඒකට මගේ බාල සහෝදරයාව ඈඳලා එක එක කතා කියන්න දැන් පටන් අරන්. එදා මගේ බාල සහෝදරයා යවපු රොකට් එක සම්බන්ධව ආයෝජනය කළේ පෞද්ගලික සමාගමකුයි. ඉතින් ඒ කාර්යයේදී කුමක් හෝ වංචාවක් සිදුවෙලා තියෙනවා නම් ඒ පිළිබඳව කෝප් කමිටුවේදී විමර්ශනය කළ හැකියි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: