hit counter

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 8:02



නව සන්ධානයේ ඉදිරි දැක්ම පිලිබඳ දැනුවත් කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරන නියෝජිත හමු මාලාවේ කුරුණෑගල දිස්ත්‍රික් හමුව එහි මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන මහතාගේ කුලියාපිටිය,ඊරියගොල්ල පිහිටි නිවසේ අද පෙරවරුවේ පැවැත්වෙන බව රාජගිරිය පිහිටි නව සන්ධාන කාර්යාලය පවසයි.

මෙම වැඩ පිළිවෙල සමඟ අත්වැල් බැඳ ගැනීම සඳහා රාජපක්ෂ කඳවුර ගැන අතිශය කලකිරීමකට පත්ව සිටින වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් 8ක්,ප්‍රාදේශීය සභා සභාපතිවරුන් 7ක්,උප සභාපතිවරුන් 8ක් සහ ප්‍රාදේශීය සභා,නගර සභා මන්ත්‍රීවරුන් 34ක් එක්ව සිටීමද විශේෂත්වයකි.

ඊට අමතරව අද පැවැත්වෙන මෙම හමුව සඳහා තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද සහභාගී වීමට නියමිතයි.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: