hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 29, පෙ.ව. 9:19



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන නව දේශපාලන සන්ධානය එළිදැක්වීම ප්‍රමාද වීමට හේතුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තනතුර සඳහා ඇති කඹ ඇදිල්ල බව එම පක්ෂයට හිතවත් ආරංචි මාර්ග හෙළි කළා.

දැනට එම තනතුර සඳහා අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා අතර ගැටුමක් පවතින අතර ඒ සඳහා උසාවියේ නඩුවක්ද විභාග වෙමින් තිබෙනවා.

මෙම තත්වය නිසා දෙදෙනාම ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ගැටලුව සමතයකට පත්කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන් දෙදෙනාට පවසා ඇති බවද වාර්තා වෙනවා.

එහෙත් එම තනතුර දනට් ආණ්ඩුවට සහාය දෙන කණ්ඩායමේ කිසිවෙකුට ලබා නොදෙන බවද හිටපු ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවද දැන ගන්නට ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: