hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 16, ප.ව. 8:23



පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස නීතිඥ චමින්ද කුලරත්න පත් කර තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර විසින්.

පාලිමේන්තුව නියෝජ්‍ය මහලේකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානී තනතුරේ කටයුතු කළ රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වශයෙන් පත්වීම හේතුවෙන් එම තනතුරු පුරප්පාඩු වී තිබුණා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතිරේක ලේකම්වරයකුවූ චමින්ද කුලරත්න, අග්‍රාමාත්‍ය හිටපු ලේකම්, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් තනතුර ඇතුළු තවත් ඉහළ තනතුරු රැසක ද කටයුතු කළ ප්‍රවීන පරිපාලන නිලධාරියෙක්.

මෙයට අමතරව ලන්ඩන් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශකවරයා ලෙසද කටයුතු කර ඇති ඔහු, වසර එකසිය විස්සකට වැඩි පැරණි තානාපති සේවා නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති ධූරයට පත් ප්‍රථම දකුණු ආසියාතිකයාද වීම විශේෂත්වයක්.

රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන චමින්ද ගුණරත්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ සහ එක්සත් රාජධානියේ බකිංහැම්ෂයර් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය හා පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙක්ද වනවා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: