hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 01, පෙ.ව. 4:39



22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (31) සිය සහතිකය සටහන් කළා.

ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස ඊයේ සිට බලාත්මක වනවා.

මේ අතර නීතිවේදීන් පෙන්වා දෙන්නේ 21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකි බවට සම්මත කරනු ලැබුවත්, එය ක්‍රියාත්මක වීමට තවත් දීර්ඝ කාලයක් ගතවන බවයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්විත්ව පුරවැසියන් ඉන් ඉවත් කිරීම කරුණු දෙකක් මත සිදුවිය යුතු අතර ඒ සඳහා කතානායකවරයාට බලයක් නොමැති බව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා හා ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා සඳහන් කළා.

පළමු කරුණ වන්නේ ද්විත්ව පුරවැසි තහනම ක්‍රියාත්මක කළ යුතු වන්නේ කවදා සිට ද යන්න පිළිබඳව කතානායකවරයා විසින් අධිකරණයෙන් අර්ථ කථනයක් ලබා ගැනීමට සිදු වී තිබීමයි. දෙවැන්න එයට අදාළ මන්ත්‍රීවරුන් ඉවත් කිරීම සඳහා අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවීම බව ඔවුන් පෙන්ව දෙනවා.

ද්විත්ව පුරවැසියන් වන මන්ත්‍රීවරුන් 10 කට ආසන්න පිරිසක් පාර්ලිමේන්තුව නියෝජනය කරන බවට කතාබහක් පැවතුනත් ඒ කිසිවෙක් සිය කැමැත්තෙන් මන්ත්‍රී ධුරයෙන් ඉවත් නොවන තත්ත්වයක් පවතිනවා. එබැවින් ඔවුන් ඉවත් කිරීම සඳහා අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති.

ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් ගීතා කුමාරසිංහ මහත්මියට එරෙහිව පවරා තිබූ නඩුව විභාගකර අවසන් කිරීමට වසර දෙකකට ආසන්න කාලයක් ගත වූ බව ද සඳහන්. එබැවින් වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන ද්විත්ව පුරවැසියන්ට ඒ බව අධිකරණයෙන් තහවුරු කර තීරණයක් ලබා දෙන තුරු මන්ත්‍රී පදවියේ රැඳී සිටීමට අවස්ථාව උදාවනු ඇති.  

මේ අතර ද්විත්ව පුරවැසියන් සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: