hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 31, ප.ව. 1:04



සොරකම නවතා රාජ්‍ය කාර්යක්ෂමතාව ඇති කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සොරකම නැවතීම සහ රටේ ධනෝත්පාදනය අතර වෙනස නොදන්නා අයට රටක නායකයන් විය නොහැකි බව ද හෙතෙම අවධාරණය කරයි.

හොරකම නතර කිරීම අත්‍යවශ්‍යයි.රාජ්‍ය කාර්යක්ෂමතාව අත්‍යවශ්‍යයි.හැබැයි රට ඉදිරියට යන්න නම් ආර්ථික උපාය මාර්ගයක් තියෙන්න ඕනෙ.රටේ ධනෝත්පාදනය යි,හොරකම නවත්තලා රටේ රාජ්‍ය ස්ථාවරත්වය හදන එකයි අතර වෙනස දන්නෙ නැතිව කොහොමද රටේ නායකයෝ වෙන්නෙ?රාජපක්ෂවරු බලයට ගෙන ඒම සඳහා පුටින්ලා, දුටුගැමුණුලා, ධර්මපාලලා කියලා ජනතාව රවටලා රට බංකොලොත් කරපු අයට රටේ ස්වෛරීභාවය ගැන වචනයක් වත් කතා කිරීමේ අයිතියක් නෑ. මෙතනින් රට ගලවා ගන්නේ කොහොමද? මේ රටේ නැවතත් ස්වෛරී නිදහස ලබා ගන්නේ කොහොමද? රට මේ ණය බරින් මුදා ගන්නේ කොහොමද? මොකක්ද ඒ සඳහා තිබෙන වැඩපිළිවෙළ? ජනාධිපතිවරයාගේ ලියවිල්ල අනුව මේ රට මෙතනින් ගැලවෙන්නෙ 2032 දි. එතුමාට අනුව මේ රට දියුණු රටක් බවට පත් වෙන්නේ 2048 දි. ඒ කියන්නෙ තව අවු. 25 කින්. එහෙම නම් එච්චර කාලයක් අපි ට දුක් විඳින්න පුළුවන් ද?” යැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: