hit counter

2024 ජූලි මස 03 වන බදාදා

2024 ජූනි 20, ප.ව. 4:25



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියොජනය කරමින් පුත්තලම් දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි පියංකර ජයරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතුවීමට තීරණය කර තිබෙනවා.

ඔහුට හිතවත් ආරංචි මාර්ග කියා සිටියේ ඊට අදාළ සාකච්ඡා සාර්ථක වී ඇති බවයි

ඒ අනුව පියංකර ජයරත්න මහතට පුත්තලම් දිස්ත්‍රික් ශ්‍රීලනිප නායකත්වයද ලබා දීමට නියමිතව තිබෙනවා.

ඔහු පොහොට්ටුවේ කටයුතු කිරීමට පෙරද දීර්ඝ කාලයක් ශ්‍රීලනිප පුත්තලම් දිස්ත්‍රික් නායකයා මෙන්ම කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසද කලක් කටයුතු කල ජ්‍යෙෂ්ඨ දේශපාලන චරිතයක් 2000 වර්ශයේ මුලින්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන පියංකර ජයරත්න මහතා ඊට පෙර වයඹ පලාත් සභා මන්ත්‍රීවරයෙකු සහ පලාත් අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.

මේ අතර ගෝඨාභය රාජපක්ශ ජනාධිපතිවරයා ප්‍රමුක ආණ්ඩුවේ ජන පීඩිත පාලනයට එරෙහිව පියංකර ජයරත්න මහතා 2021 අප්‍රේල් මාසයේදී එවකට තිබූ අමාත්‍ය තනතුරෙන්ද ඉවත් වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: