hit counter

2026 අගෝස්‍තු මස 10 වන සඳුදා

2026 අගෝස්‍තු 10, පෙ.ව. 12:11



තමා නොපැවසූ ප්‍රකාශ පවා අසත්‍ය ලෙස අර්ථ නිරූපණය කරමින් ආණ්ඩුව විසින් විරුද්ධවාදීන් දඩයම් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත්, එයට කිසිසේත්ම බිය නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ලෝක ඉතිහාසයේ මෙලෙස විරුද්ධවාදීන් දඩයම් කිරීමට ගිය නායකයන්ට අත් වූයේ ඉතා දුක්ඛිත ඉරණමක් බවයි.

වත්මන් ආණ්ඩුව ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් නොකළ ආකාරයේ වැරදි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්, ජනතාව මේ පිළිබඳව තේරුම් ගත් පසු ඊට නිසි පිළිතුරු ලබා දෙනු ඇති බවත් ඔහු අවධාරණය කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“සම්පූර්ණම නොකියපු දෙයක් කිව්වා හැටියට පෙන්නලා සම්පූර්ණ වැරදි අර්ථකථන ලබා දීලා. දඩයම් කරන්න හදනවා විරුද්ධවාදීන් දඩයමක්. අපි ඒකට බයවෙන්න ඕන නෑ. මෙහෙම දඩයම් කරන්න ගිය නායකයෝ ලෝකයේ ගොඩක් හිටියා. හැබැයි ඒ හැමෝටම අත් උනේ බොහොම දුක්ඛිත ඉරණම්. මං හිතන්නේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අනුර කුමාර දිසානායක මැතිතුමත් එවැනි ගණයේ නායකයෙකු වීමට උත්සාහ දරනවා මේ ආණ්ඩුව ඉතිහාසයෙක් කිසිම දවසක කිසිම ආණ්ඩුවක් නොකරපු ආකාරයේ වැරදි වැඩ කරමින් යනවා. ඉතින් මේක ජනතාව තේරුම් ගත්ත දාට ඒ ජනතාවම පිළිතුරු දෙයි දෙයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: