hit counter

2026 ඔක්‍තෝබර් මස 02 වන සිකුරාදා

2026 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:12



 ඉතිහාසයේ මෙතෙක් පැවති සෑම රජයක්ම විදේශ රටවලින් ණය ලබාගෙන අධිවේගී මාර්ග සහ සංවර්ධන කටයුතු සිදු කළ ද, ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනතාව උපයන ධනයෙන්ම රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන යුගයක් නිර්මාණය වී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

ජනහමුවක් අමතමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වත්මන් ආණ්ඩුව බලයට පත් වූ දින සිට මීට පෙර අතරමග ඇණහිට තිබූ සියලු සංවර්ධන ව්‍යාපෘතීන් ජනතා අයිතියට පත් කිරීම සඳහා විශාල කැපවීමකින් කටයුතු කරමින් සිටින බවයි.

හිස්ව පැවති භාණ්ඩාගාරය ක්‍රමයෙන් පුරවමින් එම ව්‍යාපෘති සඳහා මුදල් ලබාදීමට පියවර ගෙන ඇති බවත්, මෙලෙස භාණ්ඩාගාරය දිනෙන් දින ශක්තිමත් වීමේ පූර්ණ අයිතිය සහ ගෞරවය හිමිවන්නේ රටේ පොදු මහජනතාවට බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම ජයග්‍රහණයේ පූර්ණ කොටස්කරුවන් වන්නේ මෙරට පීඩිත, අහිංසක සහ පෑගුණු සාමාන්‍ය ජනතාව බව සඳහන් කළ ඒ මහතා, අධිවේගී මාර්ග, මෙට්‍රෝ සහ සුඛෝපභෝගී බස් රථ සේවාවන් මෙන්ම කාපට් යෙදූ මාර්ග පද්ධතීන් රටට දායාද වෙමින් පවතින්නේ ජනතාව උපයන ධනය සුරක්ෂිතව කළමනාකරණය කිරීමෙන් බව ද ප්‍රකාශ කළේය.

ජනතාවගේ මහන්සියෙන් උපයන ධනය නිරපරාදේ විනාශ වීමට ඉඩ නොදී නිසි ලෙස ආරක්ෂා කරගැනීම උදෙසා, ඉතිහාසයේ පළමු වතාවට සාමාන්‍ය ජනතාව තම පන්තියේම පිරිසකගෙන් ආණ්ඩුවක් නිර්මාණය කරගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: