hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 24, පෙ.ව. 7:58



හිටපු අමාත්‍ය, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවට එක්කර ගැනීමේ තීරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විරුද්ධත්වය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.

මේ අතර තමන් විවිධ කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමු වූ බවත් එහෙත් එය පැනීමක් ලෙස අර්ථකථනය කිරීම නුසුදුසු බවත් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවට එක්වන බවට පැතිර ගිය ආරංචිවලින් දැඩි ලෙස පොහොට්ටුව විරෝධය පළ කර තිබෙනවා. නිල නොවන ලෙස පොහොට්ටුවේ පිරිස් ජනපතිවරයා වෙත විවිධ පණිවිඩද යවා තිබුණු බවයි වාර්තා වන්නේ.

“රාජිතලා වගේ අය ගන්න එපා අපි කැමති නැහැ. එයාට නඩු එහෙමත් තියෙනවා. සෞඛ්‍ය ඇමතිකමනම් කොහොමටවත්ම දෙන්න හදන්න එපා! ඒකට අපි විරුද්ධයි” ආදී පණිවිඩ කිහිපයක්ම ජනපති වෙත පොහොට්ටුව පාර්ශ්වයෙන් යවා තිබූ බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළා.

කෙසේ වෙතත් මෙම නව දේශපාලන දීගය සැලසුම් කර තිබුණේ රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයා වන චතුර සේනාරත්න බව එම ආරංචි මාර්ග සඳහන් කළේ.

එහෙත් බලාපොරොත්තු ලෙසින් අයවැය අතරේ එම පක්ෂ මාරුව සිදු වූයේ නෑ. එම නිසාම රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ඉදිරියේදී සිදුකරන්නේ කුමක්ද යන්න පිළිබඳ තවමත් වාර්තා වී නොමැත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: