hit counter

2026 ජූලි මස 06 වන සඳුදා

2024 ජූලි 29, ප.ව. 6:17



ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අද (29) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවති දේශපාලන මණ්ඩලය රැස්වීමෙන් අනතුරුවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසා සිටියේ, මෙම තීරණයට විරුද්ධ අය සිටී නම් හෝ පක්ෂයේ අනුමැතියෙන් තොරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් වහාම එම පුද්ගලයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: