hit counter

2024 සැප්‍තැම්‍බර් මස 16 වන සඳුදා

2024 අගෝස්‍තු 01, පෙ.ව. 8:46



හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමග ඉරානය ඇතුළු මැදපෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස විශේෂ කමිටු 02ක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවරගෙන තිබෙනවා.

ඒ අනුව එම කමිටු දෙකෙහි යෝජනා අධීක්ෂණය කිරීම සඳහා ඉහළ මට්ටමේ තවත් කමිටුවක් පත් කිරීමටද නියමිතයි.
ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ කමිටුවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්,විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පත්කර තිබෙනවා.

ආර්ථිකයට වන බලපෑම පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ සාමාජිකයන් ලෙස ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන හා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන පිරිස පත්කර ඇති බවද වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට යම් සෘජු හෝ වක්‍ර බලපෑමක් එල්ල විය හැකි නම් ඊට ගතයුතු පූර්වගාමී පියවර පිළිබඳ සොයා බලා ඉහළ මට්ටමේ කමිටුවට කරුණු වාර්තා කිරීම මෙම කමිටු වලින් සිදුවන කාර්‍ය වන බවද වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: