hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 මැයි 24, ප.ව. 4:02



සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් පවසන්නේ, ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේග නායක අනුර දිසානායක ඉදිරියට ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ උත්සාහ කරමින් සිටිනා බවයි.

ජනාධිපතිවරයා සහ අනුර දිසානායක අතර පසුගිය කාලය තුළ විශාල සබඳතාවක් ගොඩනැගුණු බවත්, මැයි දිනය සංවිධානය කිරීමේදී රජය ලබාදුන් සහයෝගයෙන් එය මනාව පිළිබිඹු වන බවත් ඔහු කියා සිටියා.

ජාතික ජන බලවේගය මැයි දින රැලිය සඳහා ඉල්ලා සිටි ස්ථානය රජයෙන් ලබාදුන් නමුත් සමගි ජනබලවේගය මුලින් එම ස්ථානය ඉල්ලා සිටියද එය ලබා නොදුන් බව ඔවුහු චෝදනා කරයි.

මේ ආකාරයෙන් ජනාධිපතිවරයා දිසානායක මහතාට උදව් කරන බවත් සමගි ජන බලවේගයට වෙනස් කොට සැලකීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: