hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 18, ප.ව. 3:44



නව සන්ධානයේ දේශපාලන මණ්ඩලය පසුගියදා පාර්ලිමේන්තුවේ කමිටු කාමරයකදී රැස්වුණා.

මහින්ද අමරවීර, නිමල් සිරිපාලද සිල්වා, නලින් ප්‍රනාන්දු, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, අනුර පියදර්ශන යාපා, නිමල් ලන්සා, පියංකර ජයරත්න යන මැති ඇමතිවරුන්ද පක්ෂ කාර්යාලය නියෝජනය කරමින් සුගීශ්වර බණ්ඩාර ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.

එහිදී වත්මන් දේශපාලන කරුණු කාරනා ගැනද අයවැය ගැනද පිරිස කතාබහ කළා.

“ආර්ථික කඩාවැටීම ගැන නඩු තීන්දුවත් එක්ක දැන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ගමට යන්න බැරි තත්වයක් උදාවෙලා”පියංකර ජයරත්න පිරිස දෙස බලමින් එහෙම කියද්දි

“වැරදි ආර්ථික තීන්දු ගන්නකොට අපි පක්ෂය ඇතුලේ බය නැතුව කතාකලා,ප්‍රසිද්ධියේම කිව්වා.ඒවා ගණන් ගත්තේ නෑ,අන්තිමට උනේ අපි ඇත්ත කිව්වා නිසා අපිට එතනින් එලියට බහින්න උන එක “නිමල් ලන්සා උත්තර දුන්නා.

“ඔව් දැන් පොහොට්ටුවේ හුඟක් අය අපිට කතාකරනවා කොහොමහරි එයාලවත් සන්ධානයට එකතුකර ගන්න කියල”සුගීශ්වරත් කතා බහට එකතු උනා.

“දැන් නම් හුඟාක් කට්ටිය එන්න හදයි,අමාරුම කාලේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ගැන කතාකරන්න ඔය කිසි කෙනෙක් හිටියේ නෑ,ඊළඟ පාර පාර්ලිමේන්තු එන්නේ කොහොමද කියලවත් බලන්නේ නැතුවයි අපි ආණ්ඩුවට සහය දුන්නේ”අමරවීර අතීතය සිහි කරමින් කිව්වා.

“ඔව් පොහොට්ටුවවේ වැඩ නිසා අපි අවුරුදු තිහක් තිස්සේ කරපු දේශපාලනය එක රැයකින් විනාස උණා”ලන්සා කිව්වා.

“දැන් අයවැයටත් බැන බැන යනවා”ලසන්ත අලගියවන්න පිරිස දෙස බලමින් කියල තියනවා.

“මේකේ හොඳ යෝජනා තියනවා, ථේරවාදී බෞද්ධ විශ්ව විද්‍යාලයක් හදන වැඩේ කොච්චර හොඳ යෝජවක්ද”සුගීශ්වර කිව්වා.

“අවුරුදු 50ක් තිස්සේ කොළඹ නාගරික නිවාසවලට ඔප්පු තිබ්බේ නෑ ,දැන් ඒක දෙන්න යන එකටත් සජබේ කට්ටිය කෑ ගහනවා”දුමින්ද දිසානායක ද කතාබහට එක්වුණා.

“ඒක දුන්න ගමන් මරික්කාර්ට කොළඹ චන්ද ටික නැතිවෙනවා ඒකට බයවෙලා ඉන්නේ”පියංකර ජයරත්න කිවේ සිනා සෙමින්.

“කොයි රාජ්‍ය නායකයාද අකමැති ජනතාවට සහන දෙන්න,හැබැයි හැමෝම තෙරුන් ගන්න ඕනා මේක සහන දෙන්න තියන වෙලාවක් නෙමෙයි කියල”අනුර යප කිව්වා.

“ලබන අවුරුද්දේ එන්නේ ඡන්ද වර්ෂයක් ඉතින් ඒක දිහා බලාගෙනත් ඕනෙනම් බොරු සහන ටිකක් දීල ජනතාව රවට්ටන්න ජනාධිපතිතුමාට තිබ්බා,මේ රට කඩාගෙන වැටුනේ ඒ වගේ බොරු පොරොන්දු දීල තවත් එහෙම කරන්න බෑ,හැබැයි මේ විපක්ෂෙට ඒක තේරෙන්නේ නෑ එහෙම තියාගෙනත් රජයේ පඩි දහ දාහකින් වැඩිකලා”නිමල් සිරිපාල කිව්වා.

“බොරුවට නාමල්ලා කෑ ගහනවා අයවැය හොඳ නෑ කියල”ලසන්ත අලගියවන්න කිව්වා.

“එහෙනම් අයවැයට විරුද්ධ වෙන්න එපැයි කතා වැඩක් නෑනේ “ලන්සා සිනාසෙමින් කියල තියෙනවා.

“අමාත්‍යංශ කිහිපයක අයවැය පරද්දන්නත් පොහොට්ටුවේ කට්ටිය කතාවෙලා තියනවා”සුගීශ්වර බණ්ඩාර කිවේ සිනාසෙමින්.

“වැවිලි ඇමතිකම අමරවිරට දුන්නු එකනේ ඔය ප්‍රශ්නේ”නිමල් සිරිපාල අමරවීර දෙස බලමින් කිව්වා.

“පුලුවන්නම් පරද්දන්න කියන්නකෝ ඔය මයික් ටයිසන්ලා කියනවා විතරයි, ගෘප් එකට ආවම ජනාධිපතිතුමා දැක්කම පූස් පැටව වගේ ඉන්නවා”ලන්සා සිනාසෙමින් කිව්වා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: