hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 06, පෙ.ව. 10:37



අතුරු අයවැය යෝජනා මගින් පෙන්වා දුන් පරිදි රැඩිකල් ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් සිදු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා.

රාජ්‍ය ආයතන කිහිපයක් මේ වසරේ අවසන් කාර්තුව වනවිට ලබා ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 4,000ක් පමණ විය හැකි බව ජනපතිවරයා කියා සිටියා.

රට තුළ පවතින ආර්ථික අර්බුදය විසඳාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින්,ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ලබාගෙන මෙම වසර අවසාන වීමට පෙර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගන්නා බවද වික්‍රමසිංහ මහතා පැවසුවා.

කිසිවකුත් රට වැටී ඇති මොහොතේ ජනාධිපතිධුරය භාරගැනීමට ඉදිරිපත් නොවූ මොහොතේ තමා රට බාරගත්තේ ජනතාවගේ අනාගතය ගැන සිතා බවත් සඳහන් කළා.

එක්තරා පිරිසක් රට කඩාවැටී විනාශවනවා දැකීමට සූදානමින් සිටින බවත් ඉන් දේශපාලන වාසි ලබා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බවත් කියා සිටියා.

එනිසා එවැනි පටු අරමුණුවලින් ඉවත්ව රට ගොඩ නැගීම සඳහා පරණ කෝන්තර අමතක කර එකට එක්වන ලෙස නැවත වරක් සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවද වැඩිදුරටත් කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“අතුරු අයවැය යෝජනා මගින් පෙන්වා දුන් පරිදි අපි රැඩිකල් ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් සිදුකළ යුතුය. ඒ යටතේ රටට බරක් වී ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යයට අපි දැන් මුලපුරා තිබෙනවා. දශක ගණනාවක් පුරා මේ ආයතනවල පාඩුව ඍජුව හා වක්‍රව දැරුවේ මහජනතාව. රාජ්‍ය සම්පත් කියන ලේබලයට මුවා වී මේ ආයතනවල පාඩුව ජනතාව පිට පැටවෙව්වා. 2022 අවුරුද්දේ දෙවැනි කාර්තුව අවසානයේ රාජ්‍ය ආයතන කිහිපයක් ලබා ඇති පාඩුවේ එකතුව සඳහන් කරන්නම්. ලංකා ඛනිජ තෙල් සංස්ථාව රු බි 1,057යි. ලංකා විදුලිබල මණ්ඩලය රු බි 261යි. ශ්‍රීලන්කන් ගුවන් සමාගම රු බි 799යි. මම හිතන්නේ අවුරුද්ද අවසානය වනවිට මේක බිලියන 4,000ක් පමණ අලාභයක් තියෙනවා. මේ බර තවදුරටත් ජනතාව පිට වටවන්න බෑ. ඒ නිසා මේ ආයතන ප්‍රතිව්‍යුහගත කර රටට බරක් නොවන තත්ත්වයකට අප ගෙන එනවා.”

https://youtu.be/ZTP_041sxaE




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: