hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 23, ප.ව. 1:44



ආණ්ඩු වෙනස් කිරීම සඳහා නැවත අරගල කරන්නට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තුවේදී පැවසුවා.

නැවත අරගල කරන්න ආවොත් අදිසි නීතිය සහ හමුදාව යොදවා එය කරන්නට ඉඩ දෙන්නේ නැති බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

බලපත්‍රයක් අරගෙන පාර අවහිර වන්නේ නැති පරිදි විරෝධතා කරන්නට හැකියාව ඇති බව කී ජනාධිපතිවරයා එසේ නොමැතිව අරගල කරන්නට ආවොත් ඊට ඉඩ දෙන්නේ නැති බව කියා සිටියා.

“ඕන තරම් පෙළපාලි යන්න, මම හිට්ලර් වගේ කියලා කෑ ගහන්න. හැබැයි එකක් කියන්නම බලපත්‍රය අරගෙන යන්න. පාරේ එක පැත්තකින් යන්න අනිත් වාහනවලට යන්න ඉඩ දෙන්න. ඒත් හිතනවානම් තව අරගලයක් කරන්න. පාරේ යනවනම් පර්මිට් නැතිව ඒක නවත්වනවා. ඒක පොලීසියට කියලා තියෙන්නේ. අරගලයක් තව ඇතිකරනවලු ආණ්ඩුව වෙනස් කරන්න. මම ඒකට ඉඩ දෙන්නේ නෑ. හමුදාව යොදවනවා. හදිසි නීතිය දානවා. එහෙම කරන්න ඉඩ දෙන්නේ නෑ. ඩීන් ඩියම්ලට රටක් නෑ මේ රටේ. කුමාර් ගුණරත්නම් එක්ක කවුද යන්නේ මේ රටේ. එයා හොඳයි නම් බැසිල් රාජපක්ෂට විරුද්ධව කථා කරන්න බෑ. දැන් රටේ මිනිස්සු ඒ අයත් එක්ක නෑ. ගිනි තියන්න කිව්වේ මොන මාධ්‍යයද? මම ඒකට කොමිෂන් සභාවක් පත්කකරනවා ඒක හොයන්න. මම නම් පාර්ලිමේන්තුව විසුරුවා හරන්නේ නෑ. ආර්ථිකයේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. දැන් හැම කෙනෙක්ටම දේශපාලනය එපා වෙලා තියෙන්නේ. රැස්වීම් වල ඉන්නේ පරණ මූණු. සජබයට එන අයගේ මූණුත් මම දන්නවා. මනාප ක්‍රමය තියෙනකම් දූෂණය තියෙනවා. ඒ කාලේ මිලියන 50ක් 100ක් වියදම් කරනවා. අද ඩොලරය 380යි. ඡනද කරන්න බෑ. මම විපක්ෂයට කියනවා එන්න වැඩ කරමු. මට මේ ඔක්කොම එක්ක වැඩ කරන්න පුළුවන්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: