hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 10, ප.ව. 12:13



ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය අමාත්‍යාංශයේ කටයුතු සිදුකිරීමේ දී රජය දේශීය සහ විදේශීය වශයෙන් අපහසුතාවයට පත්වන අයුරින් ගන්නා අත්තනෝමතික තීන්දු තීරණ වහාම නතර කරන්නැයි අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියා සිටියා.

මේ පිළිබඳව ඉතා ඉක්මනින් තීන්දුවක් නොගතහොත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ඉතා ඉක්මනින් ජනතාවගෙන් මෙන්ම ජාත්‍යන්තරයෙන් ද ප්‍රතික්ෂේප වනු ඇති බවද එම ඇමතිවරුන් පිරිස පෙන්වා දී තිබෙනවා.

එහිදී ඔවුන් අවධාරණය කර ඇත්තේ රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීමේ සූදානමක් තිබෙන බවට මාධ්‍ය වාර්තා පළ වන බවත් ක්‍රිකට් මුවාවෙන් ඔහු දේශපාලන ප්‍රචාරණ කටයුතු සිදු කරන බවයි.

ඉතා කඩිනමින් ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර පැහැදිලි කර දෙන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙලි කලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: