hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2023 ජූලි 13, පෙ.ව. 10:05



රට මූල්‍ය බංකොලොත් භාවයට පත්වීමට බලපෑ හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තාවක් කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් කථානායකවරයා විසින් පත් කරන ලද තේරීම් කාරක සභාවෙන් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඉවත් වුවත්, එම තේරීම් කාරක සභාවේ කටයුතු අඛණ්ඩව සිදු කරන බව එම තේරීම් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ (12) පැවසුවා.

සිය සභාපතීත්වය යටතේ එම තේරීම් කාරක සභාව ස්වාධීනව කටයුතු කරන බව පැහැදිලිව පෙනෙන්නට තිබියදී, තමන්ගේ පළපුරුද්ද මදි බව ප්‍රකාශ කරමින් විපක්ෂය නියෝජනය කරන එම පක්ෂ මෙම තේරීම් කාරක සභාව මඟහැරීම බොළඳ ක්‍රියාවක් යැයි ද ඔහු පැවසුවා.

ඉතිහාසය පුරා කථානායකවරු විසින් තේරීම් කාරක සභා පත් කිරීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් පත්කර ඇති බවත්, එම තේරීම් කාරක සභාවල සභාපති ධුරය සඳහා ආණ්ඩු ුපක්ෂයේ මන්ත්‍රීවරුන් පත්කර ඇති බවත් ඔහු සඳහන් කළා.

තේරීම් කාරක සභාවක සභාපතිවරයා ලෙස කටයුතු කිරීමේදී දේශපාලන පළපුරුද්දට වඩා පරිපාලනමය කටයුතු පිළිබඳ පළපුරුද්ද වැදගත් වන බව පැවසූ ඒ මහතා තමා නීතිඥවරයකු ලෙස වසර 30 ක් ද, රජයේ අධිනීතිඥවරයකු ලෙස වසර 7 ක් ද කටයුතු කර ඇතැයි ද කියා සිටියා.

ඊට අමතරව වසර 3 ක් නීති විද්‍යාලයේ කථිකාචාර්යරයකු ලෙසත්, වසර 8 ක් සංස්ථා දෙකක සභාපතිවරයා ලෙසත් කටයුතු කර ඇති බවත් ඔහු පැවැසුවා.

තේරිම් කාරක සභාව නියෝජනය කරන සියලු පක්ෂවලට එම තේරීම් කාරක සභාවට කැඳවිය යුතු පුද්ගලයන් මෙන්ම ඔවුන්ගෙන් විමසිය යුතු ප්‍රශ්න මොනවාද යන්න යෝජනා කිරීමේ අවස්ථාව තිබියදී මෙම තේරීම් කාරක සභාව පක්ෂග්‍රාහිව කටයුත කරාවි යනුවෙන් කරන චෝදනාව අභූත චෝදනාවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: