hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2023 අගෝස්‍තු 07, ප.ව. 7:30



නාමල් රාජපක්‍ෂ මහතාට සමාජයේ කථා බහ වන ආකාරයේ විදුලි බිලක් ලැබී නොමති බවත් මෙම බිදුලි බිල අයකර ගැනීමේ උවමනාවකට වඩා රාජපක්‍ෂවරුන්ට මඩ ගැසීමේ පරමාර්ථයක් ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.

එම විදුලි බිල්පත හිගන්නාගේ තුවලය මෙන් පාර පාර සිටීම පිටුපස සැගවූ කරුණක් ඇතැයි පැහැදිළි බවත් මෙය මීට පෙර ද ඉතිහාසයේ විවිධ පුද්ගලයන් ගෙන හැරදැක්වූ විදුලි බිලක් බවත් කාරියවසම් සාගර කාරියවසම් මහතා පවසනවා.

මෙය විදුලිබිල අයකරගැනීමට උත්සහයක් නොවන අතර රාජපක්‍ෂවරුන්ට මඩ ප්‍රහාරයක් එල්ල කිරීමේ උත්සහයක කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් බවත් විදුලිබල මණ්ඩලයෙන් ලිපියට පිළිතුරු ලද වාහාම නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: