hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 12, පෙ.ව. 10:23



පක්ෂ නායකත්වය සමග මත ගැටුම් ඇතිකරගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සජබ රැස්වීම්වලට සහභාගී වීම මගහරිමින් සිටින බව වාර්තාවේ.

ඊයේ ගල්ගමුව ප්‍රදේශයේ පැවැත්වුණු සමගි ගොවි සමුළුවටද ෆොන්සේකා මහතාට ආරාධනා කර තිබු අතර ඔහු එයද මගහැර තිබෙනවා.

මේ අතර දිගින් දිගටම පක්ෂයට හානි වන අයුරින් කටුයතු කරන ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද පක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පවසා ඇති බවද දන ගන්නට ඇත.

පක්ෂයේ සභාපති ලෙස ඔහුට විරුද්ධව කටයුතු නොකළහොත් ඊට පහල සෙසු පිරිස් සඳහා විනය ක්‍රියාමාර්ග ගැනීමේදී බරපතල ගැටලුවකට මුහුණ දීමට සිදුවන බවද එම මන්ත්‍රී පිරිස අවධාරණය කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: