hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 02, පෙ.ව. 11:05



රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම ඇතුළු රටට යහපත් යෝජනා මෙවර අයවැයෙන් ක්‍රියාත්මක වුවහොත් ඊට සහාය ලබාදීමට සජබ මන්ත්‍රීවරුන් පිරිසක් සුදානම්ව සිටින බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළිකළා.

මේ බව ඉදිරි දිනවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාවද දැනුවත් කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

සබරගමු පළාතට සම්බන්ධ මන්ත්‍රීවරයෙකුගේ නුගේගොඩ පිහිටි නිවසේ පසුගියදා පවතී සුහද හමුවකදී මේ බව පළමුවරට සාකච්චා වී ඇති බවද දැන ගන්නට ඇත.

මේ සඳහා දකුණු පළාත නියෝජනය කරන ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක් ඇතුළු පිරිසක්ද සහභාගී වී තිබෙනවා.

ජනතාව දුෂ්කරතාවයන්ට ලක්ව ඇති මෙවන් මොහොතක අයවැයේ එන යහපත් යෝජනාවලට විරුද්ධ වී ගමට යා නොහැකි තත්වයක් උද්ගත වීමට ඉඩ ඇති බවද ඔවුන් මෙහිදී සාකච්චා කර ඇති බවද වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: