hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූනි 16, පෙ.ව. 2:33



විපක්ෂය තුළ පුළුල් සන්ධානයක් ගොඩනැගීමට මේවන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව සමගි ජන බලවේගයේ ආරංචි මාර්ග පවසනවා.

සිය පක්ෂයේ අදහස් වලට ගැලපෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සමඟ ඊලඟ විකල්ප ආණ්ඩුව නිර්මාණය කිරීමේ අරමුණින් මෙම සාකච්ඡා පැවැත්වෙන බවයි එම ආරංචි මාර්ග පැවසූවේ.

ඒ අනුව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ නායකත්වය යටතේ විශාලතම සන්ධානය ගොඩනගන බවත් මැතිරණයකදී එකට වැඩ කළ හැකි ආර්ථික ප්‍රතිපත්තිය සමග එකඟවන කණ්ඩායම් සමඟ මේවන විටත් සාකච්ඡා කර ඇති බවත් වාර්තා වනවා.

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මේවන විටත් සමගි ජන බලවේගය සමග වැඩ කටයුතු කරන බවත් තවත් පිරිසක් ඉදිරියේදී එක්ව වැඩ කිරීමට සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්ව කටයුතු කිරීමට සාකච්ඡා කරමින් සිටින බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

මැතිවරණ ඉලක්ක කරගෙන යන එක් පෙරමුණකුත්, ආණ්ඩුවේ ක්‍රියාකලාපය විරුද්ධව කටයුතු කරන තවත් පෙරමුණකුත් ඇති කිරීමටද සමගි ජනබලවේගය කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: