hit counter

2024 මැයි මස 12 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 27, ප.ව. 12:46



පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා සමඟ විවාදයකට නොයන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ පැවති ඊයේ රාත්‍රියේ පැවති වැඩසටහනකදීය.

එලෙස විවාදයකට සහභාගී වුවහොත් නාමල් රාජපක්ෂ මහතා අනිවාර්යයෙන්ම පරදින බවද ඔහු සඳහන් කරනවා.

නිමල් ලන්සා අමාත්‍යවරයාට කුඩු ගංජා හා හෙරොයින් ගැන හසළ දැනුමක් ඇති බවත් එනිසා නාමල් රාජපක්ෂ මහතා සමඟ විවාදයකදී නිසැක වශයෙන්ම ඒ පිළිබඳව ලංසා මහතා තරග කර ජය ගනු ඇති බවද පැවසූවා.

එමෙන්ම නාමල් රාජපක්ෂ මහතාට එවන් විෂයන් ගැන කිසිදු දැනුමක් නැති බවද කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: