hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 01, ප.ව. 7:31



ලබන ජනවාරියේදී මංගල රැලිය පවත්වා කලඑළි බැසීමට කටයුතු කරන නව සන්ධානයේ බිම් මට්ටමේ නියෝජිතයන් දැනුවත් කිරීමේ කටයුතු මේ දිනවල ඉතා යුහුසුළුව සිදුවන බව රාජගිරිය පක්ෂ කාර්යාලය පවසයි.

ඊට අමතරව ප්‍රධාන දේශපාලන පක්ෂවල වෘත්තීය සමිති නියෝජිතයන් සමග සහ නව සන්ධාන භික්ෂු සංවිධානය පිහිටුවීමේ සකච්චවක්ද පසුගිය සතියේ පැවැත්වුණා.

ඊට අමතර පසුගිය සතියේ කොළඹ සහ පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය සභා,නගර සභා ප්‍රධානීන් පිරිසක්ද නව සන්ධානයේ දේශපාලන කටයුතු සඳහා එක්වන බව නිමල් ලන්සා මහතා හමුවී සාකච්චා කළා.

මේ සඳහා සුගීශ්වර බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

“ලන්සා ඇමතිතුමාගේ අභියෝගය සාගර බාර ගත්තද”කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රාදේශීය සභා ප්‍රධානියෙකු කියා සිටියා.

“මගෙන් ටී.වී නාලිකාවකින් ඇහුව සාගර එක්ක වැඩසටහනක් කලොත් එනවද කියල,මම කිව්වා අනිවාර්යෙන් මම එනවා කියලා”ලන්සා කිව්වා.

“මම නං හිතන්නේ නෑ සාගර එයි කියල”සුගීශ්වර කිව්වා.

“ඉතින් සාගර මොකද කියල තියෙන්නේ ඇමතිතුමා”තවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විමසුවා.

“ආපහු මට ටි.වී.එකේ කට්ටියම කතාකරල කිව්වා සාගර එන්න බෑ කිව්වා කියලා”ලන්සා සිනාසෙමින් කිව්වා.

“මම දැක්කා පත්තරේකත් තියනවා සාගර කිව්වලු ලන්සා ඇමතිතුමා කියන දේවල් ඇත්ත පොහොට්ටුව හදනකොට ලන්සා ඇමැතිතුමාලා තමයි බැසිල් සර් එක්ක හිටියේ කියල”සුගිෂ්වර කිව්වා.

මේ අතර නව සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ හමුවක් පසුගිය අගහරුවදා පාර්ලිමේන්තු සංකිරණයේදී පැවැත්වුණා.

එහිදී සිදුවූ විශේෂත්වය වන්නේ නව සන්ධානයේ පක්ෂ කටයුතු සහ ප්‍රධාන බලධාරා සමග සාකච්චා කිරීමේ වගකීම සහ එහි නායකත්වයට ජේෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කිරීමයි.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සහ නිමල් ලන්සා මහතා විසින් මෙම යෝජනාව සිදුවූ අතර එය සෙසු පිරිසද අනුමත කර කලා.

අනතුරුව අනුර යාපා මන්ත්‍රිවරයාට සියළු දෙනාගේ සුභ පැතුම් ලැබුනා.

“නව සන්ධානයේ නායකත්වයත් වයඹට ගියා එහෙනං”නලින් ප්‍රනාන්දු සිනා සෙමින් කිව්වා.

“හුඟක් අය මතුකරන්න හදන්නේ අපිත් රාජපක්ෂ කඳවුරේ කියල හංවඩු ගහන්න”පියංකර කිව්වා.

“ආයේ කවදාවත් රාජපක්ෂලාට කඩේ යන අය අපේ කණ්ඩායමේ නෑ.අපි මේ හදන්නේ රාජපක්ෂ විරෝධී කඳවුරක්”අනුර යාපා කිවේ පිරිස දෙස බලමිනි.

“අපි ජනතාවට මේ ගැන පැහැදිලි කරලා දෙන්න ඕනා,දැන් පළාත් පාලන ආයතවල හුඟක් සභාපතිවරු අපේ සන්ධානය ගැන බොහොම හොඳ පැහැදීමක ඉන්නේ.ඒ අය බිම් මට්ටමේ ජනතාවට මේ ගැන කියයි”නිමල් ලන්සා කිව්වා.

“ඔව් ගමේ මන්ත්‍රීවරු හුඟක් දැන් කතාකරනවා,පොහොට්ටුව ඒ අයට දීපු බොරු පොරොන්දු නිසා මේ අය කලකිරිලා ඉන්නේ”සුදර්ශනී මන්ත්‍රීවරිය කීවාය.

ඉදිරි සතියේ යලි පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීමටද මෙහිදී තීරණය වුනා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: