2022 අගෝස්තු 19, ප.ව. 12:24
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (18) සංවිධානය කරනු ලැබ තිබූ විරෝධතා පා ගමන සම්බන්ධයෙන් බලධාරීන් ගත් පියවර පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
එහි දක්වා ඇත්තේ, නිරායුධ සාමකාමී විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනට පහර දී පළවා හැරීමට සන්නද්ධ පොලිස් හා විශේෂ කාර්ය බළකා සෙබළුන් දහස් ගණනක් යෙදවීම රටක ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක නොවන බවට කදිම නිදසුනක් බවයි.
එම සටහන පහතින්,
“නිරායුධ සාමකාමී විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පෙළපාලියකට පහර දී පළවා හැරීමට සන්නද්ධ පොලිස් හා විශේෂ කාර්ය බළකා සෙබළුන් දහස් ගණනක් මේ ආකාරයෙන් යෙදවීම රටක ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක නොවන බවට කදිම නිදසුනකි.
මැයි 9 වන දා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මේ ආකාරයට ම මැර පිරිසක් යොදවා සාමකාමීව අවිහිංසාවාදීව පවත්වාගෙන ආ අරගලයට පහර දුන්නේ ය. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ වෙනුවට රජයේ සන්නද්ධ පොලිස් හා හමුදා කන්ඩායම් යොදවා ගනිමින් සිටියි.
මැයි 9 වන දා ප්‍රහාරයෙන් ඉක්බිති සිදුවූ දේ රට ම දුටුවේ ය.
මේ, පාර කපමින් සිටින්නේ ඊට ත් එහා ගිය බරපතළ ජනතා නැගිටීමකට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය කරමින් බව අදක්ෂ, අකාර්යක්ෂම, ජනතා ද්‍රෝහී පාලකයින් තේරුම් ගත යුතු ය.
පොලිසිය හා හමුදාව යොදවා ජනතාව අතරින් නැගී එන විරෝධතා මෙලෙස සන්නද්ධව මර්ධනයට ලක් කිරීම ප්රජාතන්ත්රවාදී ලෝකය කිසි දිනෙක අනුමත නොකරනු ඇත.
ජාත්‍යන්තර සහය අත්‍යාවශ්‍ය මෙවන් මොහොතක මෙවැනි අනවශ්‍ය මර්ධනකාරී ප්‍රතික්‍රියාවන්ගේ බලපෑම සමස්ත රට වැසියා තවදුරට ත් පීඩාවට පත් කරනවා නොඅනුමාන ය.”
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (18) විරෝධතාවක් පැවැත්වුවා.
නමුත් කොළඹ දී එම විරෝධතාවට කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල වුණු අතර, සිසුන් 12 දෙනෙකු පමණ අත් අඩංගුවට ගත් බව යි වාර්තා වන්නේ.
විශ්වවිද්‍යාල වහා විවෘත කරනු, ජනතා ගැටලුවලට පිළිතුරු දෙනු යන සටන් පාඨ සහිත ව මෙම විරෝධතාව පැවැත්වුණා.
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:36
18-11-24
18-11-24
11-11-24
11-11-24
14-10-24
14-10-24
25-07-24
25-07-24
14-07-24
14-07-24
22-06-24
22-06-24
22-06-24
22-06-24
20-06-24
20-06-24
22-05-24
22-05-24
16-02-24
16-02-24
12-02-24
12-02-24
14-11-23
14-11-23